Thursday, April 13, 2017

ඇය යන්න ගියා මැකිලා....


ඇය යන්න ගියා මැකිලා....



                                            කොහෝ කොහෝ හඩත් එක්ක පහුගිය බක්මහේ මවගේ ගමට ගිය වෙලේ හම්බුන ඇගේ මතකය හිතේ කොනක ඉදන් වද දෙන්න පටන් ගත්ත.නොදැනුවත්වම අතට ආපු ගල් ගෙඩියක් කොහාගේ ලගින් පියඹලා ගියේ කොහාටත් බක් මහා අමතක කරන්.”මොකද්ද බං වෙලා තියෙන්නේ අහිංසක සත්තුන්ට ගල් ගහන්නේ “ඒ හඬ සුරංගයාගේ බව කියන්න මට හැරිලා බලන්නම උවමනා උනේ නෑ.මොකද සුරංගයා පොඩි කලේ ඉඳන් මගේ ගජයා .අපි පාසැල් ගියේ පන්ති ගියේ පන්ති ගියේ එකට ,සෙල්ලම් කලේ එකට ,මට අම්මලට හොරෙන් සිගරට් එකක් බියර් එකක් බොන්න හවුල් උනේ සුරංගයා .
පවුලේ  එකම ළමයා උන මට සුරංගයා එක්ක තිබුනේ යාළුකමටත් එහා ගිය සහෝදර කමක්.සුරංගයා මගේ ලගට ඇවිත් දික් කරපු සිගරට් එක කටේ තියාගත්තට පත්තු කරගන්න මට සිහියක් තිබුනේ නෑ,මෙන්න මෙහෙ දීපන් ඕක සුරා සිගරට් එක කටින් ඇදලා ගත්තේ බලන් ඉදලා බැරිම තැන “මොකද බං වෙලා තියෙන්නේ  “ඔන්න ඉතිං සුරා දහම් පාසලේ ලෙක්චර් එක පටන් ගත්තා ඒත් මට වගේ වගක් නෑ. මන් මගේ මනෝ ලෝකේ තනි වෙලා සුරංගයා ටිකක් වෙලා ඉදලා ගේ ඇතුලට ගියා, මටත් දැන් වත්ත පහල ඇවිද ඇවිද ඉදලා එපා වෙලා, ටික වෙලාවකින් සුරංගයා එලියට අවේ හෙල්මට් එකකුයි තඩි බෑග් එකකුයි එල්ලාගෙන ඇනටියෝ අපි එන්න හවස් වෙනවා කියාගෙන.

සුරා දීපු හෙල්මට් එකත් ඔළුවට නවාගෙන න්යින්ටියේ පිටිපස්සෙන් ඉඳගත්තේ යන්නේ කොහෙද කියලවත් අහන්නේ නැතිව ,ඔහේ ඉදගෙන හුළං කකා ආපු මම නතර උනේ වැව ගාව ,මට  සුරංගයා දිහා බැලුනේ ඌ හෙල්මට් එක ගලවත්දී ,ඔහොම ඉදපන් කෝ කියපු සුරංගයා හෙල්මට් දෙකත් අරන් දිව්වේ අබේ මාමලාගේ කඩේ පැත්තට .අබේ මාමා සුරා ගෙයි මගෙයි හොද හිතවතෙක් වැවට අවම මාමගේ කඩෙන් තේ උගුරක්  බීලා දුමක් නොදා යන්නේ කලාතුරකින් අපි වැවට ආවම අපි ගේන බඩු බලගත්තෙත් අබේ මාමා, වැවේ කවුරු හරි ගිලුනොත් බේරගන්න මුලින්ම දුවලා එන්නේත් අබේ මාමා, හෙල්මට් දෙක කඩෙන් තියලා සුරා දුවන් එත්දී මට මතක් උනේ දවසක් චාරිකාවක් ආපු නඩයක කෑගැහිල්ලට කඩේ ඉදල මමයි සුරයි මමයි දුවන් ආපු හැටි ඒ දිවිල්ල නතර උනේ වැවේ ගිලෙන්න ගියපු බීපු කොල්ලෝ හතර දෙනෙක් ගොඩ ඇදලා ,ගොඩ ආපු උන් අපිට සල්ලි දික්කරපු හැටිත් අපි ඒවා ප්‍රතික්ෂේප කරපු හැටිත් මාමා බැනපු බැනිල්ලත් මතක් වෙලා පොඩි හිනාවක් කට කොනකට අවා,ගමේ තට්ට අබේ අපේ හිතවතෙක් උනේ එදායින් පස්සේ.
අම්මේ මල් හිනාව මාස ගානකින් දැක්කේ සුරාගේ හඬින් මම අවදි උනා” මම දැනන් හිටියා වැවට අවම උඹේ මුස්පේන්තු ගතිය නැතිවෙයි කියලා,අන්න අබයා නලා යත්දී උඹට ඌව හම්බෙන්න කිව්වා”....ආයි අහන්න දෙයක් නෑ මූ ගින්නක් දීලා හ්ම් මක් කරන්නද තව පාරක් නලා ඉවර වෙලා බණක් අහලම ගෙදර යනවා මනෝ පාර අතර තුරදීම අපි දෙන්න මාර ගහට මුවා වෙලා ෂෝටට බැහැගත්තා පුරුදු අඩි පාරෙන් මීටර දෙක තුනක් බන්ට් එකෙන් බැහැ ගත්ත අපි දෙන්නා සීතල වතුරේ ගිලුනේ අලියෙක් වතුරට බහිනවා වගේ හිමිහිට මොකද වැවේ සීතල වතුරේ සීතල එකපාරටම විඳගන්න අපිට උවමනා උනේ නෑ, මොනතරම් දුකකින් තරහවකින් හිටියත් අපේ සමහර පුරුදු අතාරින්න අමාරුයි ඒවා සිද්ද වෙන්නේ අනිච්චානුකවමයි.         ”බෙරගන්නෝ”” අයියෝ කවුරුත් නැත්දෝ” අපි දෙන්න ගොඩ අවේ කොහොමද කියලා අපි දන්නේ නෑ බන්ට් එක දිගේ හඬ දිහාවට දුවපු අපි නැවතුනේ  බන්ට් එක අයිනේ නවතල තිබුන කාර් රථයක් ළග බෙරිහන් දෙන මැදි වියේ  යුවළක් ළග, නවතින්න කලින්ම මොකද? මොකද? අහපු සුරංගයා ගේ ප්‍රශ්නෙට ගෑනු කෙනා වැවේ දිය කැළතුන ඉසව්වකට අත දික්කරත්දී ඉවෙන් වගේ කාරණේ දැන ගත්ත මම වතුරට පැන්නේ සුරාව පහු කරන්,වතුරේ යට දෙතුන් පාරක් කැරකුණ මගේ කකුලේ වැදුන පහසින් මාව ගැස්සිලා ගියා ,අනේ මම පරක්කුද මඩ වතුරේ අත පත ගාන මට හිතුනා, ඇහෙ කොනක වැදුන මිනිස් අත ඇදලා අරන්  උඩ ආපු මම කිසි හැල හොල්මනක් නැති ඒ සිරුර එක්ක ගොඩ පිනුවේ නිරායාසයෙන්. වතුර ඉන මට්ටමට එත්දී මගේ ලඟට කොකෙක් වගේ දුවගෙන  ඇවිදින්  මගේ අතින් සිරුර උස්සලා ගත්තේ අබේ මාමා.

බන්ට් එක ළග උඩුබැලි අතට නිදාගෙන මම හති අරිත්දී සුරා විතරයි මගේ ළග .විස්සක් විතර අර වාහනේ ළග වට වෙලා.ටික වෙලාවකින් බිම ඉදගත්ත මම දණහිස් අතර ඔළුව ඔබා ගත්තේ අයිත් නම් ජරා සිගරට් බොන්නෙ නෑ  කියලා හිතාගෙන හති අරින ගමන් .අබයා කොහොම හරි ඒකිව ගොඩ දායි බං ඕකට පුරුදුයි නේ අපිට වඩා ,සුරංගයා කියත්දී මගේ කුතුහලයත්  ටිකක් ඇවිස්සුනා “කෙල්ලෙක්ද බං “ඇහුවා නෙවේ මට කියවුනා “මම දන්නේ නෑ බං කෙල්ලෙක්ද ගෑනියෙක්ද කියලා සාය කෑල්ලක් නම් දැක්කා”මම ටික දවසක ඉදන් වැඩි කථා බහක් නැති නිසා සුරා ගේ කට වැඩි වෙලා “නිස්සංක පුතා එහෙනම් හය වෙනියාවත් ගොඩ දැම්මා” ඒ මාමාගේ සද්දේ, මම තාමත් දණහිස් අස්සේ ඔලුව ඔබාගෙන,”මොකෝ පුතා අමාරුද ?”යකෙක් වගේ ඉන්න මට මොන අමරුවක්ද ෆිල්ටර් දෙක තුනක් පැන්නට මොකෝ මම ඉන්නේ මේ ෆිට් එකේ,හිතට මොනා ගලාගෙන ආවත් මට කියවුනේ නෑ කියන තනි අකුර විතරයි.
පුතේ......පුතේ....ගෑනු හඬක් කොහේදෝ ඉදන් ඇවිත් මගේ කන් ඇතුළට රිංගා ගත්තා ඒත් තාමත් මගේ ඔළුව නැවුනු දණහිස් අස්සට වෙලා හතිඅරිනවා .කව්දෝ මගේ උරහිස උඩින් අතක් තිබ්බා මගේ උරහිසට මහා වේදනාවක් අවේ අතින් උරහිස තෙරපුණ නිසාමයි.”ම.....ම....ච..චා.......න්...නිසා “ඒ සුරංගයාගේ හඬ මූට මොන යකෙක් වැහිලද වචන පටල පටල මගේ උරහිස කන්න හදන්නේ හිස එසෙව්වා නෙවයි  එසවුනා .මොකෝ බං මාව කන්න හදන්නේ “ම.........ච..චා....................න්............... දි ...දි..ලි...ලි..නි...”මගේ ඇස් පියඹලා ගියේ ඒ ගෑණු රූපේ දිහාවට “පුතාට බුදු බව අත්වෙයි මගේ දෝණිගේ පණ බේරුවට මගේ පනත් හරි දුවත් හරි ....”තව මොනවදෝ කියවන අතරේ හිස පිහින තුවායෙන් එළියට ආපු ඒ මුහුණ දැක්ක මගේ ඇස් ගියේ සුරා දිහාවට ඒ දිළිසෙන ඇස් දෙක, පුංචි තොල් යුවළ, හුරුබුහුටි සුදු  මුහුණ අයිමත් මගේ ඇස් ඉස්සරහා මාව හිටගැස්සුනේ නිරායාසයෙන්මයි, ඒ මුහුණ මගේ ඉස්සරහා....අයිමත් ඔයා එහෙනම් අවා මාව බලන්න ආයිමත් ආවා..හිත ඇතුළෙන් කෑගැස්සුනා මගේ ඇස් නිලංකාර වේගෙන එනවා වගේ දැනුනා වට පිටේ මොන මොනවද සද්ද ඇහුනත් එකපාරටම මගේ ඉදිරි පිට දිස්වුනේ මගේ පෙම්බරිය මෙච්චර දවසක්  පස් කන්දක් යටට වෙලා සොහොන් කොත බදාගෙන නිදාගත්ත ඔයා ..හැමදාම දෙවියන්ගෙන් ඉල්ලපු ඔයා ආයමත් මගේ ඇස් ඉස්සෙර්හා......
......................නිස්සංක පුතා නිස්සංක පුතා කවුද මාව හොලවන්න පටන් ගත්තා කවුද මේ මගේ ලස්සන හීනෙ කඩන්න හදන පරයා බන්ට් එකේ පොළවේ පස් කාගෙන හිටපු මම ඇස් ඇරියේ මරාගෙන මැරෙන්න. නෑ ඒක හීනයක් නෙවේ එහෙනම් ..........................................................................................ඔයා ඉන්නවා මගේ ඇස් ළඟ..”මේක වෙන්න බෑ”ලාවට සුරගේ කටහඬ අබේ මාමා ගේ ළගින් ඇහුණා,මොකෝ සුරංග කොල්ලට උනේ දැන් හොදට හිටියේ කියාගෙන අබේ මගේ අතට බාගෙට බීපු රෙඩ් බුල් එකක් දික් කළා .රෙඩ් බුල් එක මුවට ලන් කරත්දි මගේ දිල් ගේ සුවඳ මගේ ගතේ දවටාගෙන සුළඟක් වැව් පිටිය හරහා දුවගෙන ගියා. නොසැලුණු මගේ ඇස් තවමත් හිස පිහින ඒ රුව දිහාවමයි, සුරා වේගයෙන් මාර ගහ පැත්තේ ඉදන් අපේ ඇදුම් බෑග් එක අරන් දුවගෙන ආවා,සුරා බෑග් එක ඇදලා මගේ පර්ස් එක අදින්න ගත්තා ,තුවායක් වත් නොදී මේ රිළවා මක් කරනවද පලු යන්න ඌට බනින්න හිතුනත් මට ඒ රූපේ අත ඇරලා හිස හරවන්න හිත කැමැත්ත දුන්නේ නෑ.’මට තේරෙනවා කොල්ලෝ.... ඒත්, මේ එයා නෙමෙයිනේ පුතේ ...........කියාගෙන මාමා මගේ හිස අතගාන්න පටන් ගත්තා මාමාගේ අතේ ලැමිනේට් කරපු දිල්ගේ ෆොටෝ එක හැමවෙලේම මගේ ඇස් දෙක වගේ පර්ස් එකේ තියන් රැකගත්ත වස්තුව. එහෙනම් අරූ තුවයවත් නොදී හදිස්සියෙන් හෙව්වේ මේක මාමාට පෙන්නන්න.
                     මාමා කවදාවත් මගේ දිල් ව දැකල තිබුනේ නෑ හදිස්සියේ හැම දෙයක්ම වෙත්දී මාමා හිටියේ ඉන්දියාවේ ගිහින් වන්දනාවේ ,මේ අතරේ මේ කිසි දෙයක් නොදන්නා ඒ සුන්දර රූපේ මගේ දිහාවට රෝස පැහැ තුවායක් දිගු කලේ මේ කිසිවක් නොදැන. සුන්දර හිනාවකින් ඒ පුංචි රෝස පාට තොල් දෙක එළිය කරන්,වැව් පිටියේ අපි සය දෙනා හැරෙන්නට අනික් පිරිස නික්ම ගිහින් .ඇගේ තුවාය මුහුණට ලං කරත්දිම නැවත්තත් සිහින් සුළගක් ගතේ දැවටෙන්නට උනේ ඒ සුවඳ අයිමත් මට ලන්කරන් ,අබේ මාමා කාර් එකේ ආපු පිරිමි මනුස්සයා එක්ක කදයක් දා ගෙන ඉන්නවා දැක්කේ මේ අතර තුරෙ.
අයියා ගොළුයි ද?කැඩුන සිංහලෙන් මගේ දිල්ගේ රූපෙ මගෙන් ඇහුවේ ලාවට හිනාවක් තොල් අතරේ තියාගෙන, පැනපු ගමන් ඇයව බදා ගන්න සිතුනත් මගේ හිත තවමත් සොහොන් පිටියේ ඇගේ සොහොන් කොතත් වැව් පිටියේ  මැයත් අතර දුවන්නට උණු නිසා ගත පාලනය උණා.මේ වෙනකන් ඇය ගෙන් නෙතු ඉවත් නොකළ මගෙන් එහෙම අසන්නට ඇයට සිතීම පුදුමයක් නෙමෙයි. ඇය ළගට ආ මොහොතේ පටන් වචනයකට තොල් ගළපා ගන්නට නොහැකි උනේ ඈ නිසාම බව ඇයට නොතේරෙන්නට ඇති .”මම ගොළු නෑ......”” ,මගේ තොල් පැටලුනා,”අහ...මෙන්න මෙයා කථා කරනවා “ඇය හුරතල් බසින් කියත්දී මදි වියේ ගැහැණිය ඇගේ කන මිරිකන්නට උනා” එපා කියත්දී පණ්ඩිත කමට වතුරට බැහැල දැන් බේරගත්ත මේ ළමයටත් විහිළු කරනවද ?අප්පච්චිගේ වරද හුරතල් කරනවා වැඩයි say sorry to him ,අනේ ගණන් ගන්න එපා පුතේ දෝනිගේ හුරතලේට කියැවුනේ මෙයා කා එක්කත්  විහිළුවෙන් තමයි කථා කරන්නේ”.....අනේ එකට කමක් නෑ ආන්ටි she don’t wont to apologize ..”මම කියත්දී ඈ මවට දිව දිගු කරන්නට උනේ දැක්කනේ අම්මා අයියා jokes දන්නවා කියමින් .ඇයට සිහින් පහරක් ගැසූ ඇය අප දෙදනා තනි කරමින් වාහනය දෙසට පිය නගන්නට උනා .මට සම වෙන්න  ඇය කැඩුන සිංහලෙන් අත දිගු කරමින් වචන ගලපන්නට උනා මම නෙතුලි.....නෙතුලි භාග්‍යා අම්මනම් කියන්නේ නෙතු කියලා මම හරි අසයි එකට ඇය තොරක් නැතිව කියවන්නට උනා සුරා බන්ට් එකේ තරමක් ඈතින් හිදගෙන අපි දිහා බලන් හිටියේ නිකන් ෆිල්ම් එකක් බලනවා වගේ කට ඇරගෙන .මම නිස්සංක..නිස්සංක බණ්ඩාර ,,ඇයගේ සුරත මගේ ඇඟිලි තුඩු අතරින් විත් මගේ සුරත බදා ගත්තා .ඇගේ පහසින් මගේ හිරිගඩු පිපෙන්නට උනා .මොහොතකින්  ඇගේ නෙතු මගේ ඇස්  වලින් අල්ලා ගත්තේ ඇගේ මුව නිහඬ කරමින් තත්පර මිනිත්තු පැය මොනවා ගත උනාද කියා කියන්නට මට තේරුමක් උනේ නැහැ මගේ ඇස් ඇගේ නෙතු තුළ දිල්ගේ හදවත සොයන්නට පටන් ගත්තා නිස්සංක අයියේ......ඇගේ සිහින් හඬින් මොහොතකින් මා අවදි උනා,මගේ දෙඅත මත මගේ පණ ඉවත්ව යත්දී එදා ඇගෙන් පිට උන ඒ වචන දෙක ඒ ස්වරයෙන්ම මැගේ මුවින් පිටවෙත්දී මගේ පපුව පැලෙන්නට තරම් සිහින් වේදනාවක් ඇතිවන්නට උනා මොකද්ද මට මේ වෙලා තියෙන්නේ මොනවා උනත් මේ ඇය නෙමෙයි මහා වරදකරී හැගීමක් පපුවේ කොනකින් ඇති වන්නට උනා .මගේ අතින් නිදහස් උනු ඈ මොහොතක් මා දෙස නෙතු නොසලා බලා හිද වාහනය දෙසට පිය නගන්නට උනා.
                                මෙතරම් මා රිදවන්නට දයිවයට මා කළ වරද කුමක්ද ?සංසාරයේ  මා කුමන පවක් කරන්නට ඇත්ද මෙවන් දුකක් විදින්නට වන බව දැන සිටියා නම් කෙදිනක වත් ඒ පව කෙලසින්වත් මා සිදු නොකරනවා සත්තයි.ඇගෙන් වෙන් වීමට සිදුවීම මහා දුකක් උනු මගේ පුංචි හිත නැවතත්, නැවත නැවතත් තලා දමමින් දයිවය මේ නටන නාඩගම මොකක්ද දයිවය මිනිසෙකු වූවානම් මම ඔහු සොයා ගොස් දස වද දෙමි. නමුත් නොමරමි මා ජීවත් වන තුරාවට ජීවත් කොට තබා ගනිමින් මොහොතින් මොහොත දස වද දෙමි.මගේ හිත්හි දය්වය කෙරෙහි උපන් අප්‍රමාණ වයිරයත් මා කෙරෙහිම උපන් ආත්ම අනුකම්පාවත්  බිඳ හෙලන්නට වුයේ තෙත අදුමින්ම වහනයේ පසු අසුනට නැග ගත් ඈ දීප්තිමත් දෙනතින් යුක්තව නැගූ ඒ සුන්දර මද සිනහවයි.
මාමා සමග කථා කරමින් උන් මිනිසා වහනයට නැගී වහනය පණ ගන්වන්වා ඇගේ මවද ඉදිරිපසින් නංවාගෙන අප කෙරෙන් ඈතට යත්දී පවා මගේ නෙතු ඇගේ නෙතු හා බැදී තිබුණු බව දුටුවේ වැව් බන්ට් එක මත හිඳගෙන මෙතෙක් වේලා නිහඩව බලා සිටි සුරංගයා පමණි.
                       උඹ කෙල්ලගේ තුවාය ඉස්සුවා නේද ? සුරා කියත්දී මගේ අත්දෙකින් තුවාය මිරිකුනේ ඇයටත් මටත් අමතකව ගිය වරදට තුවායට වද දෙන්නට මෙනි .ඇයගේ හමුවීමෙන් ලද සිහින් වේදනා මුසු ප්‍රීතියත් ඇගේ වෙන්ව යාමෙන් උපන් දුක මිශ්‍රිත තරහකිනුත් මගේ ගත වේලි පැවතුනා.මගේ වස්තුව මා අතහැර නොගිය බව මගේ හිත කෑ මොර දෙන්නට උනා ,යටිහිතේ අඩියටම දිල්ගේ සොහොන් කොත ගිලා බසිත්දී නෙතුලි මගේ දිල්ගේ නව ජන්මයක් ලෙසින් මගේ හද සන්තානයේ පූදීන්නට උනා.
හරි හරි වරෙන් යන්න සුරා මගේ අතින් ඇදගෙන මාර ගහ දිහාවට යන්නට උනා.ඇදුම් මාරු කරගත් අපි මාමාගේ කඩෙන් තේ උගුරක් තොලගා නැවත එන්නට පිටත් උනා.බන්ට් එක උඩින් හන්දිය පාරට බයිසිකලේ හරවත්දී මම සුරගේ උරහිසින් අල්ලා මචං ගහමුද බියර් එකක් කියත්දී සුරා සරාස් ගා බ්‍රේක් පැඩලය පාගා මා දෙස හැරී බැලුවේ හද පිනා ගිය බව කට පුරා සිනාවකින් පෙන්වමින් .ඔන්න අපේ නිසා ආයිත් ඇවිත් එල මචං ගහමු කුඩු වෙලා යන්නම.මාස ගණනකට පස්සේ සුරන්ගයා විසිල් පාරකුත් ගහගෙන සිංදුවකුත් කියාගෙන බයිසිකලය හන්දියේ වයින් ෂොප් එක දිහාවට හැරෙව්වා.ඇත්තටම දිල්ගේ මරණයෙන් පසු මගේ වෙනස් වීම නිසා සුරංගයා හිටියේ මහා දුකකින් හරියට මගේ අවාසනාව උට පල දුන්නා වගේ,හැමදාම අපේ ගෙදර ඇවිත් මගේ හිත හදන්න ඌ ගත්ත උත්සාහය අප්‍රමාණයි,සුරා කියන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම පණ දෙන්නට උනත් එන මිත්‍රයෙක් .
                        කොහෙද බං ගහන්නේ ,ඒ සුරා .යමන් අපේ ගෙදර අද රෑ අපේ ගෙදර ඉදපන් .මම කියත්දී සුරාගේ ඇස් බැබළෙන්නට උනා.A/L කරලා රිසල්ට් ආපු දවසේ වැව් පිටියේ ඉදලා සතුට සමරලා රෑ වෙන ජාමේ නැගිට ගන්න බැරිව ඉත්දී කොහෙදෝ ඉදන් ආපු අප්පච්චි මාවයි සුරාවයි අපේ ගොට්ටවයි ලොරියේ පටවන් ගෙවල් වලට පටවලා පහු වෙනිදා කට්ටිය කැදවල බැනපු බැනිල්ල අවසන් උනේ තොපිට බොන්න ඕනි නම් මෙහෙ ඇවිත් බීපියවූ තැන් තැන් වල වැටුනම අපිට බෑ අහුලන්න එන්න කියාගෙන හැබැයි එදා හැමෝටම කන් රත් වෙන්න අප්පච්චි සැලකුවා, අප්පච්චිට කොයි ළමයත් එකයි අපරාදේ කියන්න බෑ තමන්ගේ අනුන්ගේ කියලා නොබලා හැමෝටම සමානව සතියක් විතර ඇගිලි මුණේ හිටින්න සැලකුවා.පොඩි මහත්තයා යැයි අන්වර්ථ නාමයෙන් හැදින්වුන ගමේ තරමක් වත්කමක් තිබුන අප්පච්චි කා එක්කත් බොහොම හිතවත් අප්පච්චිගේ වචනයකට උඩින් වචනයක් කියන්න පන්සලේ හාමුදුරුවොත් දෙපාරක් හිතනවා ඒ අප්පච්චිට ඇති බයකට නෙමෙයි ,අප්පච්චි කවදාවත් කාටවත් අසාධාරණයක් නොකරන හැමෝම සමග හිත හොදින් හිටපු අවන්කයෙක් නිසා.ගමේ රණ්ඩුවකදී උනත් එයාගේ තීරණය පිළිගන්නට කවුරුත් පසුබට උනේ නෑ. හයේ හතරේ ඇඟක් තිබුන අප්පච්චිට කොල්ලා කාලේ පස් හය දෙනෙක් උනත් බිම දාන්න පුළුවන් බව දවසක් කිරි අත්තා මට කියලා තියෙනවා.මොනවා උනත් අප්පචිගේ ජිවිත ගමනේ එක කාලයක් රහසක් විදිහට තිබුනේ පවුලේ කවුරුත් ඒ ගැන කථා නොකරපු නිසාත් අප්පච්චි කථා කරන්නට නොදෙන නිසාත්,මට යමක් තේරෙන වයසට එත්දී ඒ හිඩැස ගැන වැටහුනත් අප්පච්චිගේන් අහන්නට මම තරමක් මැලි උණේ කිරි අත්තා පවා ඒ ගැන කථා නොකරන නිසා.
කොහොම උනත් එදා කම්මුල් පාරවල් ටිකෙන් පස්සේ ලැබුණ අවසරයෙන් කොල්ලෝ ටික එකතු වෙලා වත්ත පහල වෙල අයනේ ලන්ද මැදින් සුද්ද කරලා පොඩි මඩු කෑල්ලක් ගහ ගත්තේ කාටවත් නොපෙනෙන්න කොල්ලෝ ටිකට එකතු වෙන්න හැබෙයි එකට අඩි පාර කැපුවේ අපේ වත්ත මැදින් එන්න පුළුවන් වෙන්න ඒක සුරාගේ අදහසක් මේ නිසා කාටවත් අපේ ගෙදරට හොරෙන් ඇවිත් මෙතන ඉන්න බැරි උනා එකෙන් අප්පච්චිගේ විශ්වාසය දිනා ගත්තත් එන හැමෝම අවේ අපේ අම්මගෙන් කුණු බැනුම් අහගෙන.කොහොම උනත් අපේ වාඩියේ කසිප්පු කුඩු ගංජා වලට ඉඩක් තිබුනේ නෑ,බියර් එකක් සිගරට් එකක් ගැහුවට කවුරුත් කවදාවත් ඒවා අරගෙන අවිල්ලවත් තිබුනේ නෑ.අප්පච්චිට ඇති බියත් මගේ සහ සහ සුරාගේ අකමැත්තත් මෙයට මූලික හේතුවක් උනා ගමේ ඉන්න ලොකු පොඩි කොල්ලෝ කුරුට්ටෝ හැමෝම පොදු වැඩකට ශ්‍රමදානෙකට දන්සැලකට ප්ලෑන් ගැහුවේ මෙතැන ඉදන් ඒ වෙලාවට නම් අම්මගෙන් පොඩි තේ පැන් සංග්‍රහයක් ලැබෙනවා , අපේ වාඩිය ගැන ගමේ හැමෝම දැන හිටියත් කගේන්වත් විරොධයක් නොපැමිනුනේ වාඩියට අනවශ්‍ය දෑ රැගෙන ඒමට සුරා සහ මම දක්වූ විරෝදයත් අප්පච්චි කෙරෙහි ඇති විශ්වාසයත් නිසාවෙනි.එපමණක් නොව වාඩියේ සද්දයක් ඇසුන විට අප්පච්චි ගෙදර සිටියහොත් එබිකම් කරන බවත් ගමේ උදවිය දැන සිටියේ ඔවුන් විවිධ අවශ්‍යතා වලට පැමිණිය සිටියදී පවා අප්පච්චි මෙය සිදු කරණ බව අත්විද ඇති නිසාවෙන්.
අපි විටින් විට ඉදහිට බියර් එකක් තොල ගෑමට අම්මගේ විරෝධය අප්පච්චි කෙරෙහි යොමු කළ විට  කොල්ලොනේ මැණිකේ ,අනික බියර් එකක් ඔතන ඉදන් බිව්වට මොකෝ, ඕකුන් වෙන ජහ ජරාවකට පුරුදු වෙනවට වඩා පේන මානේ ඉදන් ඔන්න ඔහේ ඕක බිපුදෙන් කියමින් මග අරින්නට උනා.ඒ ලැබුණු නිදහස සිමාන්තිකව අප සැවොම  භුක්ති විඳින්නට උණා.
මගේ අතීත ආවර්ජනය අතරේ සුරා අපේ ගෙදරටම ඇවිත් තිබුනා. සුරා අපේ රෙදි වැලට දමා උඹ පලයන් වාඩියට මම එන්නම් කියමින් බියර් සහිත බෑගය මට දිගු කළා.බෑගය එල්ලා ගත් මම මාස ගණනකින් එළි නොවුන අඩි පාර දිගේ වාඩියට පිය මනින්නට උනේ අද සිදුවීම මතක් කරමින්.පැය බාගයක් පමණ මනෝ ලෝකයේ සැරිසැරූම නැවත අවදි උනේ කොළ පෑගෙන සද්දයක් කණ ලඟින් ඇසුන නිසාවෙන් ,අම්මා...මාගේ මුවින් පිට වෙත්දී අම්ම පිගනකින් වැසූ යමක් මට දිගු කලේ එක අතකින් කඳුළු පිස දමමින් ඒ කඳුළු සතුටු කඳුළු බව ඇගේ මුහුණේ  දීප්තියෙන් මට වැටහුණා දිල්ගේ වියෝවෙන් මාස ගණනක් නොමැරී මැරුණ මා හිස එසවීමට උත්සහ දැරීම  ඇයට සතුටක් වන්නට ඇති එසේ නොවේනම් කෙදිනකවත් අම්මා අපට මේ අයුරින් කටගැස්මක් නොගෙන එනවා ඇති. .ඈ මගේ හිස අත ගා නැවත යන්නට හැරුණි අම්මා කෝ සුරා,.... ඔය ගියේ බයික් එකත් අරන් හන්දියට ගිහින් එන්නම් කියලා, ඔන්න ඉතිං ඕකනේ බැරි අම්මා ගිහින් විනාඩි පහකින් විතර අඩෝ නිසා කියාගෙන වාඩියට කඩා පැන්නේ ගොට්ටා උගේ අතෙත් බියර් එකක් .උඹ කොහමද මෙහෙ ..මගේ පුදුමය ඌට විහිළුවක් වගේ ඉව තියෙනවා යකෝ ඉව ...අපිට හොරෙන් කොහෙද උබලා සෙට් වෙන්නේ ...ගොට්ට කියවගෙන යන්නට උනා ඔව් උඹ ඉතින් බල්ලනේ ඉව කරන්න ..මම කියත්දී උගේ මුණ ඇද උණා.හරි හරි තොපි ඇරගන්නතිව හිටපියවූ .ඒ දුලන්තයා යකෝ මුන් කොහොමද දන්නේ මම අද වාඩියට අවා කියලා පැයක් විතර යත්දී අපේ ගමේ කොල්ලෝ 15ක් විතර වාඩියේ .සුරා ගමටම නිවුස් එක දීල.ඒකට තමයි මූ ගිහින් තියෙන්නේ සුරා එත්දී හය විතර වෙලා මූ ගොන්මනේ එනවා අපේ ගෙදර තිබුන ගෑස් ලාම්පු දෙකත් පත්තු කරන් මේවා අපි මූලික වශයෙන්ම  පාවිච්චි කලේ කොලේ පාගත්දී රෑ උනාම කමත එළිය කරන්න මේ අතුරු ප්‍රයෝජනයක්.කොහෙද දැන් මුන්ව එකතු කරන්න ලාහක් අරං පස්සෙන් එලවන්න එපැයි ..”ඉබ්බෝ” බයික් එකේ මල්ලක් ඇති අරන් වරෙන්කො මේවත් එක්ක උස්සන් එන්න බෑ .මූ තව බියර් අරන් ඇවිත් අද හන්දියේ බියර් නැතිව ඇති බේබද්දෝ ටික අද සෙට් උනා  නේ.මාස හතරකට විතර පස්සේ කට්ටිය එකතු උනේ බොන නොබොන හැමෝම විහිළුවෙන් වෙලාව ගත කළා.ටික ටික බියර් ටික හිස් වෙත්දී කලාකාමියෝ එළි බහින්න ගත්තා.යකෝ හැම එකාම බූට් කාලා වගේනේ මේ මාස තුන හතරට,රෑ දහයට විතර සාජ්ජේ ඉවර වෙලා කට්ටිය යත්දී ඉබ්බා විතරක් පහු වේවි හිටියා.අන්තිමටම ඉතුරු උනේ ඉබ්බයි මායි සුරන්ගයයි විතරයි.වාඩිය ටිකක් අස් කරලා අපි යන්න හදද්දී ඉබ්බා මගේ අතින් අල්ල ගත්තා ,නිස්සංක අයියේ මට දෙයක් කියන්න තියෙනවා ......ඉබ්බාගේ ඒ වචන ටික ඇහුණ ගමන් සුරා ඌව ඇදගෙන පැත්තකට ගියා,ඔවුන්ගේ හැසිරීමෙන් පෙනුනේ සුරා ඌට බයිනවා වගේ.මොනවද මුන්ට මගෙන් හංගන්න තියෙන්නේ .......ඉබ්බව පිටත් කරපු සුරා එදා රෑ අපේ ගෙදර නතර උනා....
පහුවදා මම නැගිටිත්දී දහය විතර වෙලා , සුරා ගෙදර ගිහින්,මුණ අතපය හොදගත්ත මම කාමරේ අස් කරලා දැම්මේ මාස ගණනක දුවිලි පිස දමමින් ,විටින් විට අම්මා ඇවිත් උදවු කරත් ඈ මේ වෙනස ගැන කිසිවක් නොවිමසීම මට තරමක පුදුමයක්.සුරා ඊයෙ සිද්දිය කියලවත්ද නෑ එහෙම උනා නම් මෙලහකට අම්මලා නෙතූව හොයන් ගිහින් සුරාට කථා කරලා අහන්න හිතුනත් ෆෝන් එකේ සල්ලි නැති නිසා අදහස යට ගියා මොකද ඇගේ මරණින් පසුව මට දුරකථනයකින් කිසිවෙකු හා කථා කරන්නට උවමනා උනේ නෑ එය තවත් කරදරයක් පමණක්ම වීම නිසා ඒ පිළිබදව දැඩි අවදානයක් මා යොමු කලේ නෑ.වැඩි යමක් නැති කාමරය ඉක්මනින් අස්කරගත් මා උදෑසන හා දිවා ආහාරය දෙකම එකවිට දහවල් දොළහට පමණ හනිකට ගිල දමා මගේ පසුම්බියේ  වූ ඇගේ පින්තූරය සොයනට කෝ එයා කෝ .මා කෙලසකින් මගේ පණ අමතක කර දැමුවාද ?හනිකට නා ගත් මම සුපුරුදු ඩෙනිමට සහ සැහැල්ලු කමිසයකට බැස කළු බාටා යුවළ පය ලා ගත්තේ   අබේ මාමාගේ කඩේට යන්නට පිටත් වන්නට, අරූ මාමාට දීපු ෆොටෝ එක ආයිත් දාලා නෑ වගේ ඕකා වැඩක් කලොත් නැට්ටේ ඉදන් ගොම.
බයිසිකලය දෙස බල බලා මා ගේට්ටුව පසු කලේ පා ගමණින්,කලකට පසු හොදින් ගම තොට බලා ගැනීමට හැකි නිසාත් කාළය ගෙවී යන නිසාත් .වට පිට සිරි නරඹමින් ඇගේ මතකය අතුරින් හන්දියට ලඟා වන විට තරමක කලබලයක් හන්දිය දෙසින් ඇසෙන්නට උනා.කළබලය ටිකක් මග හැර කඩ පිලට ගොඩ වූ මා ඒ දෙස බලා හිදින්නට වුයේ සිදුවීම පිලිබඳ කුතුහළයෙන්.ගමේ මේ වගේ සිඳුවීමක් සිදු වන්නේ කලාතුරකින් ,කළබලය මැද්දෙන් යාන්තමට වගේ මම දැක්කේ අපේ ඉබ්බව, ඌව වට කරගෙන හය හත්දෙනෙක් හොදටම නෙලනවා.අඩෝ ඉබ්බෝ කියාගෙන මම පියබලා වගේ දුවල ගිහින් ඉබ්බව බදා ගත්තා .කොහෙන්දෝ ආපු පා පහරක් මගේ මුහුණ හරහා වැදී ඉබ්බවත් පෙරලගෙන මා බිම පත බෑ උනා.ඔන්න ඉතින් නිසාව මල පන්නා ගත්තා බිම වැටී සිටි මා වෙත පියඹා ආ පා පහරක් පැත්තට වැටී සිටි මගේ නැවුණු දණහිසින් වැලකුනා ඒ අවසරයෙන් නැගිට ගත් මගේ අතට හසු වුනු එකෙක් ඈතට තල්ලු වී ගියා .මුහුණට පැමිණි මුෂ්ටි ප්‍රහාරයක් වමතින් අල්ලා ගත් මා දකුණතින් නැවුණු වැලමිටින් ප්‍රහාරකයාගේ පපුවට බලවත් පහරක් එල්ල කළා බිම වැටුණු ඔහු පපුව බදා බෙරිහන් දෙන්නට උනා .දැන්වත් දැනගන්න ඇති නිසාගේ හැටි .කොටා වගේ ඉන්න ඉබ්බත් පැන පැන පහරදෙන්නට පටන් ගත්තේ මගේ පැමිණීමෙන් උපදවාගත් නව ජවයකින් කිහිප දෙනකු එක්ව විනා තනි තනිව නම් අපේ එකෙකුට පහර දෙන්නට හැඩිදැඩි පුද්ගලයෙකුට උනත් ලේසි නෑ ,මොකද කිරි අත්තගේ සටන් සාත්තර වලින් ටිකක් එයා මගේ යාලුවෝ අතර බෙදා දී තිබුනා කිරි අත්තා කියන විදිහට අප්පච්චිටත් වඩා වැඩිපුර මට ඒ සත්තරේ කියලා දුන්නලු මගේ නිමුණු ගතිගුණ නිසාළු ඒහෙම කලේ අත්තටත් ටිකක් වැරදුනේ එතැන .මේ අතර මගේ ආසන්නයටම පැමිණි එකෙකු අත් දෙකින්ම මගේ හිසට එකවර පහර දෙන්නට සැරසුණා.ක්ෂණිකවම ස්ථාන ගතවූ මගේ දකුණු පාදය ඉදිරි පසට එසවී ඔහුගේ නිකට හරහා ගොසින් ඔහුව බිමට ඇද දමනු ලැබුවා.දණහිස් වැලමිට යොදාගනිමින් පහර දෙන සීයාගේ සටන් සත්තරේ ක්ලෝස් කොම්බැට් වලටම සෑදුන සටන් කලාවක් මුන් ඕවා දන්නවායැ නිකන් ගුටි කන්න ඇවිත් තියෙන්නේ අප දෙදනාගේ පහර දීම ඉවසා ගත නොහිනු පිරිස දිවගොස් වෑන් රථයක නැගී ඉගිලී ගියා .එම තැන බිම ඉදගත් අපි දෙදනා හති අරින්නට උනා.මරුනේ දෙන්නගේ සත්තරේ අදනේ එළි බැස්සේ ඒ බේකරියේ නිමලයා.ක්ෂණිකව නැගිට ගත් මා නිමලයාගේ කණ හරහා පහරක් එල්ල කලේ ඌ බිම පතබාවමින්.අහකට කෙල ගැසූ මා කෝපයෙන් වෙව්ලන්නට උනේ ගමේ පිරිස වටවී නාඩගමක් බලා සිටින අයුරු දැකීමෙන් තොපිට ලැජ්ජාවක් නැත්ද යකෝ ගමේ කොල්ලෙක්ට ගහත්දී බලන් ඉන්නේ මූ කොච්චර උබලට උදවු කරලා ඇත්ද තොපි ගෑණුද යකෝ අතින් පයන් බැරිනම් ගලකින් වත් ගහපියවූ මූට ගහනකන් බලන් හිටියේ මගේ රළු හඬ කඩ මණ්ඩිය සිසාරා රැවූ දෙන්නට උනා.මුන්ගේ වරදක් නෑ බං ඒ අවේ ඇමතිගේ ලොකු පුතා නාථ එකය් මුන් බය උනේ  යකෝ ඉබ්බාට මොකද්ද කසිප්පු නාථයා එක්ක තියෙන අවුල මේ මාසදෙක තුනට මූ චන්දෙවත් ඉල්ලන්න හදනවද ?කොහෙද ඕකව අඳුන ගන්න බැරි උනා නේ නැත්තම් ගමට කසිප්පු ගේනවට ඕකගේ තාත්තට ඕකගේ මුණ අඳුන ගන්න බැරි වෙන්න නෙලනවා.කොහොම උනත් දැන් ගමේ සද්දේ දාගෙන හිටපු නාථගේ නම අනාථ වෙලා ඉවරයි.එහෙමම නිමලයත් එක්කම මණ්ඩියේ කෙළවර ෆාමසියට ගිය අපි ඉබ්බාට බෙහෙත් දා ගෙන ඉබ්බායි නිමලයයි එක්කම අබයාගේ කඩේ පැත්තට යන්න පටන් ගත්තා.නිමලයෝ උඹ තරහද මා එක්ක  මම නිමලයාගේ කරට අත ගෙන ඇහුවේ තරමක් පහත් වරද කාරී හැගීමක  ස්වරයෙන් .නෑ බං මල්ලි උඹ හරි එකට කෑවට බිව්වට වැඩක් නෑ කරදරයක් උන වෙලාවට අහක බලාගන්නවනම් උඹ නෙමෙයි මමයි උඹලගෙන් සමාව ඉල්ලන්න ඕනි .......ඉබ්බෝ මට සමාවෙයන් නිස්සංක මල්ලි මට සමා වෙයන් නිමලට ඒ වචන ටික ඉවර කරන්න හම්බුනේ නෑ ඉබ්බා අනේ නිකන් ඉදපන් බක්කරේ උඹ ඇවිත් මොනා කරන්නද පිටි අඹරන්නද? කියමින් දුවන්නට උනා නිමලයට බක්කරේ කියනවා තරම් අකමැති දෙයක් උට වෙන නෑ නිමලය ඉබ්බාගේ පස්සෙන් පන්නන්නට උනා මමත් ඔහොම ඉදපන් ඉබ්බෝ දුවන්න එපා කියමින් ඔවුන් පසු පස හඹා යන්නට උනා ,නම ඉබ්බා උනාට මූ එක්ක දුවන්න ගමේ කාටවත් බෑ ,
මාමාගේ කඩේට ගොඩ උනා විතරයි ආ චන්ඩි ටික ආවද ?කියමින් මාමා හිනා වෙන්නට උනා.යකෝ බෙහෙත් ටික දා ගෙන මණ්ඩියේ ඉදන් කිලෝ මීටරයක් යන්න හම්බුනේ නෑ සිද්දිය ගම වටේ පැතිරිලා ඉවරයි නේ .ඉවරයි ..අද නම් ගෙදර ගිහිනුත් ඉවරයි ,කවුද මාමේ මේ ටිකට ගිනි තිබ්බේ ,.... අපරාදේ නිස්සංක පුතා ඉන්න තිබ්බේ අර ගෑනු ළමයා ආවනේ අදත් ගෙදර යන ගමන් කඩේටත් ගොඩ වෙලා ගියා ඒ ළමයා තමයි උඩ පැන පැන කථාව කිව්වේ පුතා ඉන්න තිබ්බේ බලන්න. පොඩි එකෙක් වගේ ,එහෙනම් කඩමණ්ඩියේ නතර කරලා තිබුන කාර් එක මෙයාලගේ ශික් අඳුන ගන්න බැරි උනා නේ ..එයා යනවා කිව්වද මාමේ...මාමා මගේ දිහා බැලුවේ අහිංසක විදිහට පුතාලගේ ගෙවල් ගැන ඇහුවා මම කිව්වේ නෑ ගෙදර ගියොත් ප්‍රශ්නයක් වෙයි කියලා .කෙල්ලනම් ගියේ අකමැත්තෙන් වගේ .ආ...ඒ මහත්තයා OIC ට මගේ ඉස්සරහම කථා කරලා කිව්වා අද කඩමණ්ඩියේ උන ප්‍රශ්නේ ගැන කිසිම ACTION එකක් ගන්න එපා කියලා ..කවුරු උනත් බර කකුලක් වගේ .... අපේ කථා බහ අරුන් දෙන්නට නම් කුණුහරප වගේ උන් මාරුවෙන් මාරුවට මගෙයි අබේ මාමාගෙයි මුණ දිහා බලනවා තේ තුනක් එක්ක සිගරට් දෙකක් පත්තු කරගත්ත අපි කඩේ පිටි පස්සට ගියේ කඩ පිලේ ඉදන් සිගරට් බොන එක හොඳ නැති නිසා ,සිගරට් වලට සල්ලි ගත්තත් කෑවට බිව්වට අබේ මාමා මගෙන් කවදාවත් සල්ලි ගත්තේ නෑ ...සිගරට්ටුව පත්තු කරගත් මා ෆාමසිය ළග කඩෙන් ගත්ත ෆෝන් කාර්ඩ් එක ඇතුලත් කොට සුරාට කෙටි පණිවිඩයක් තබන්නට සුදානම් වෙත්දීම කඩේ ඉදිරිපිටින් සරාස් ගා බ්‍රේක් සද්දයක් ඇසුනා .අනිවා  ඔය නම් සුරා මොකද වාහනේට ආදරයක් නැතිව බ්‍රේක් ගහන්න ගමේ ඕකා ඇරෙන්න වෙන එකෙක් නෑ මාමේ.......සුරාට වාක්‍ය සම්පුර්න කරන්න හම්බුනේ නෑ ඔය අවේ අනික් චන්ඩි ටිකත් අඩුවට හිටියේ උඹල විතරයි, අපි කඩේ ඉන්න බව මාමාගේ ඒ වචන ටිකෙන්ම තේරුම් ගත්ත සුරා කඩේ පුටුත් පෙරලගෙන පිටිපස්සට දුවගෙන අවා.යකෝ මට මේ දැන් ආරංචි උනේ ගල් ඉබ්බෝ තොට කිව්වනේ අපි එනකන් ඕකා එක්ක ඇමිනෙන්න එපා කියලා වෙලාවට නිසා ඇවිත් තියෙන්නේ නැත්තම් තෝ අද හැලියේ තම්බෙනවා ගල් ඉබ්බා සුරා කියවගෙන යත්දී ඉබ්බා ශේප් එකේ මගේ පිටිපස්සට උනේ සුරාට මල පැනල බව දැනගෙන ඌට මල පැන්නම වට පිටාව පෙන්නේ නැහැ අතේ තිබුන සිගරට්ටුව මම සුරාගේ දිහාවට දික් කලේ මොකක්ද බං මේ කෙස් එක  කියාගෙන ඒ පාර සුරා නිහඩ උනේ කථාව පටන් ගන්න කොනක් හොයාගන්න .නෑ බං නාථයා දර්ශිව උස්සන්න හදන්නේ සුරාගේ කතාවට කඩේ පිටිපස්සට ආපූ මාමා මොකක් දර්ශි දුවව ...එහෙනම් කොරලා බලමුකෝ ..කියාගෙන කඩේ පිටි පස්සේ තිබුන ගෙට ගියේ කඩෙත් හායි ගලා ඇර තියලා සරමත් කැහේපොට ගහන් ,ඔක්කොටම වඩා පුදුම උනේ ඉබ්බා මොකෝ දර්ශි කියන්නේ ඉබ්බාගේ ලොකු නංගි .ඉබ්බා කාල ගෝලයා වගේ උනාට දර්ශි ගමේ ලස්සනම කෙල්ල ඒ වගේම හිත හොදයි දැක්ක තැන අයියේ කියල කට පුරා හිනා වෙලා කථා කරන්න ඇය මැලි උනේ නෑ අපටත් දර්ශි අපේ නංගියෙක් වගේ කවුරුත් නරක ඇහෙකින් එයා දිහා බලලා නෑ එයා විතරක් නෙමේ ගමේ ඕනි කෙල්ලෙක්ව අපේ සෙට් එකත් එක්ක ගම්මඩුවක් පෙරහරක් බලන්න රෑ යාමේ උනත් එවන්න ගමේ උදවිය බය උනේ නෑ ගමේ නංගිලා ටිකත් එහෙමයි තමන්ගේ සහෝදරයන්ට වගේමයි අපිට සැලකුවේ අපි එක්ක කෑවේ බිව්වේ රණ්ඩු උණේ, නාථයා ටවුමේ පොරක් ලේසියෙන් කෙල්ලෙක්ට හිත ගියොත් අත අරින්නේ නෑ ඇයි බං කිව්වේ නැත්තේ මට මම ඇහුවේ සුරංගයා ඇතුළු පිරිසගෙන් නෑ බං මම හිතුවේ නෑ මූ ගමටම ඇවිත් උස්සන්න තරම් ලොකු වෙයි කියලා ,නංගිත් දැන් ගෙදරින් එලියට බහින්නේ නෑ මාසෙක විතර ඉදන් .බන්ට් එක දිගේ වේගයෙන් එන අපේ ලොරිය ඈතින් දැක්ක රොෂානයා නිසා “පොඩි මහත්තය එනවා”යයි කියමින් අත තිබු සිගරට්ටුව ඈතට විසි කළා අනෙක් පිරිසද ඔහු අනුව අත තිබු සිගරට් විසි කොට හොද ළමයින් මෙන් හැසිරෙන්නට උනා.අපේ පිරිසගේ බයිසිකල් ටික පසුකොට නැවැත්වූ ලොරියෙන් බැස ගත් අප්පච්චි කඩේ මැදින් විත් අප ඉන්නවාදැයි වගේ වගක් නැතිව වේගයෙන් මාමාගේ ගේ ඇතුළට ගියේ සුරාවත් මාවත් පුදුමයට පත් කරන් .යකෝ මම දැනන් හිටියේ නෑ නේ මේ දෙන්න මේ තරම් බොක්කවල් කියලා සුරාට වචන ඉවර කරගන්න හම්බුනේ නෑ දෙන්නත් එක්කම එලියට අවේ මේවා මෙච්චර කල් බලන් හිටපු එකයි වරද කියාගෙන පුදුමයට පත්වී බලා හිදින්නට විනා අපට යමක් තේරුම් ගන්නට නොහැකි උනා දෙදනා ලොරියට නැග පිටත්ව යත්දී නැන්දා කඩයට අවේ හිනාවකින් මුව සරසාගෙන නැන්දේ අපේ අප්පච්චියි මාමයි හොදට අඳුනනවද ?මගේ ප්‍රශ්නයට හීනියට හිනාවක් නැගූ ඇය අඳුනනවද ?උඹල ඉපදෙන්නත් කලින් ඉඳන් උඹලෑ අම්මා ,මම සහේ එන්නත් කලින් පොඩි කාලේ ඉදලම දෙන්නා හොඳ යාළුවො නිස්සංක පුතයි සුරංග පුතයි වගේම පොඩි කාලේ ඉදන් යාළුවො.මම සුරාගේ මුණ බලත්දී සුරා ඉහේ අත තියා ගත්තා .පොඩි කාලේ ඉදලා වැවු පිටියේ කරපු හැම හොර වැඩක්ම ගෙවල්වලට මාට්ටු උනේ මෙහෙමයි එහෙනම්.නැන්දේ අප්පච්චිලා අපේ වයසේදී කොහෙද හිටියේ මොකද කලේ  අප්පච්චිගේ ජිවිතේ අපිට නොකියපු හිඩැස මතක් උන මම නැන්දගෙන් ඇහුවා එක පාරටම කළු උන නැන්දගේ මුහුණ ඒ බව නොපෙන්වා ආ ..කියමින් සිගරට් පහක් අපි වෙත දිගු කලේ සුරාවත් මාවත් පුදුමයට පත් කරන් මොකද නැන්දකවදාවත් අපිට සිගරට් විකුනන්නේ නෑ එහෙව් එකේ අද නිකන්ම දික් කරනවා.සිගරට් ටික සාක්කුවට දා ගත්ත සුරා කට්ටියටම ඇහෙන්න යමල්ල වාඩියට කියාගෙන කඩේ ඉදිරිපසට යන්නට උනා .බයිසිකලයට නගින්න හදද්දී ආයිත් කථා කළ නැන්ද ලාච්චුව ඇර මගේ අත උඩින් දිලිනිගේ ඡයාරුපය මගේ අත්හි තැබුවේ දැන් කොල්ලට සිහිය ටිකක් අඩුයි වගේ මගේ පණ සාක්කුවට ඔබාගෙන මම බයිසිකලයට නැගුනා.අප සියලු දෙනා නතර උනේ වාඩියට විත් .එකිනෙකාගේ මුහුණු බලමින් උන් සුරංගයා කථාව පටන් ගත්තා මචං මෙතැන දැන් ප්‍රශ්න තුනක් තියෙනවා දෙකක් නිසාට කෙළින්ම අදාලයි අනෙක් එක අපේ ගමටම අදාලයි.නිසාගේ ප්‍රශ්නේ ඌයි මමයි විසදගන්න බලන්නම් ඕනි උනොත් උඹලට කථා කරන්නම් දැන් ගමේ ප්‍රශ්නේ විසදන්න බලමු ...,ඒ මොකක්ද ඒ පාර ඉබ්බා මැදින් පැන්න ඔන්න සුරාට මල පැන්න ඇයි හු..............න්නො තොගේ නංගිට කෙළ හලන කසිප්පු නාථයා ....ඒ පාර කට්ටියම නිශ්ශබ්ද උනේ කිසි හාවක් හූවක් නැතිව කසිප්පුවට කෙළින්ම ගහන්න බෑ එහෙම උනොත් උගේ තාත්තා ගම කයි ඒ බක්කරයා මචං මේක ගමේ ගෑනු ළමයින්ගේ ජීවිත ගැන ප්‍රශ්නයක් ටිකක් බරපතලයි අවසානේ මොකක් වෙයිද දන්නේ නෑ ඒ නිසා අකමැති උන් දැන්ම පලයල්ල ඒ ගොට්ටා ටික වෙලාවක් නිහඩව බලා සිටියත් කවුරුත් නැගිටින පාටක් නෑ මචං නිසා ..ඒ ආරාධනාව අපේ සෙට් එකේ කවියා තුෂාරයාගෙන් .ඔවුන් මගෙන් දැන් බලාපොරොත්තු වන්නේ ප්ලෑන් එකක් බව මා අත්  දැකීමෙන් දනිමි .නැගිට සුරා ලඟට ගිය මා උගේ සාක්කුවට අත දමා සිගරට්ටුවක් දල්ලවා ගතිමි .සියලු දෙනා නිශ්ශබ්දව මදෙස බලා හිදී කූඩුවකට දන්සැලකට විනා මා මින් පෙර මැර වැඩකට ප්ලෑන් ගසා නැත.මා හඬ අවදි කළෙමි,වැඩක් තියෙනවා හැබැයි අමාරුයි නින්ජා ගේම් එකක් තියෙන්නේ නයිට් කෝස් තියෙන්නේ රෑට එළියට බහින්න පුලුවන්නම් විතරක් වැඩේ කරමු මොකෝ කියන්නේ .,,,,මම ඕන දෙකට රේඩි,මැදින් පැන්නේ සුරා ,සුරා අපේ වටේ හිටපු දොළොස් දෙනාගෙන්ම වෙන වෙනම ඇහුවේ මගදී වැඩේ අත අරිනවටත් ප්ලෑන්එක පිට යනවාටත් අකමැති නිසා.කට්ටිය රෙඩි සුරන්ගයගේ අවසරයෙන් මම ප්ලෑන දිග හරින්නට උනා .වලිය ගිය රස්නෙ පිටම උපාය ක්‍රියාත්මක නොකර සතියක් පමණ වැඩේ පහු කරේ නන්ගිගේත් ඉබ්බගේත් මගෙත් නමත් මේ වැඩේට ගෑවෙන්න හොඳ නැති නිසා.පහුවදා උදේම කඩ මංඩියට ගිය සුරාටත් මටත් ආරංචි උනේ නාථයා ඊයේ වලියේදී පපුවට වැදුන පාරක් නිසා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි .මට සිහින් සතුටක් ලැබුනේ අඳුනගෙන හෝ නොගෙන මගෙන් නියම පුද්ගලයට විය යුතු දේ වූ නිසාවෙනි .නමුත් කඩමණ්ඩියේ සියලු දෙනාම පාහේ මා හට අනතුරු හඟවන්නට වුයේ සතාගේ හැටි දන්නා නිසාවෙනි.සුරා ලවා මා මිතුරෙකු යොදවා රෝහල් ගතවූ කසිප්පුවගේ තත්වය බරපතල නොවන බව දැන ගතිමි.එපමණක් නොව පොඩි මහත්තයා පිරිසක් සමග ඇමති නිවසට කඩා පැන යකා නටා ඇති බවත් නිවසට පැමිණි oic මහතා පොඩි මහතාට වැඳ ඇමති නිවසින් කැදවාගෙන ගොස් ඇති බවත් ඇමති තුමා හෝ පුතුන් හෝ මිතුරන් ගමට නොඑන්නටත් ගමේ කිසිවකුට කරදර නොකරන්නටත් පොරොන්දු වූ බව ත් ගමේ කට කථා පැතිරෙන්නට විය.මම වත් සුරාවත් මේ පිළිබද විමසීමක් නොකළේ අපගේ ප්ලෑන ක්‍රියාත්මක කිරීමට අප කල් යල් බලමින් සිටි බැවිනි .මේ අතර තුර සුරංගයා සහ තුෂාරයා මගේ උපදෙස් පිට කාටත් හොරා රහස් මෙහෙයුමක යෙදී සිටී.ඉබ්බව මේ මෙහෙයුම් වලින් ඉවත් කොට තබන්නට සුරාත් මාත් කථිකා කොට ගත්තේ ඌ මේ ප්‍රශ්නයට මූලික වූ නිසාවෙන් ඌ වෙත පැමිණෙන මතු කරදර ඉවත් කොට තබා ගැනීමටය. සවස් වෙත්දී දුලන්තයා මගේ නියමය මත කුඩා බෑගයක් ගෙනවිත් තැබීය.යකෝ ඔය රෙද්ද හොයන්න ගිය අමාරුවක් කඩවලින් දෙන්නේ නෑ බං ඕවා මම හරක් වෙදාට කියලා බඩු ගත්තේ මොකටද බං ඔච්චර .දුලාගේ ප්‍රශ්නයට පිළිතුරු නොදුන් මා ඔහුට ස්තුතී කොට පාර්සලය කාමරයෙන් ගෙන ගොස් තැබීය .දින හතරකට පමණ පසු සුරංගයා දුවගෙන ආවේ.අන්න අරූ හෙට එනවලු කියාගෙන .කළබල නොවුණු මා ඉබ්බා හැර තෝරාගත් පිරිසක් කැඳවීමී,ඔවුන් දෙදනා ගණනනේ බෙදු පිල් තුනකට බෙදා සතර වන පිලට මමත් සුරාත් දුලාත් එක් වීමි ඉතිරි පිල් තුනට දුලා ගෙනා පර්සලෙන් ස්වල්පය බැගින් අම්මගේ කුස්සි තරාදියෙන් කිරා දී අවශ්‍ය උපදෙස් දී පිටත් කොට හැරීමි,රෑ නියම කොටගත් වෙලාවට පිටත් වීමට දුලාටත් සුරාටත් පැමිණෙන ලෙස පවසා බෝතලයකට පෙට්‍රල් ටිකක් දමා මාද සූදානම් පිට සිටියෙමි නිවෙස් වල පිරිස නිදි ගත්  විට අපේ මෙහෙයුම අරඹන ලදී .පසු දින දහවල් 12 පමණ වන විටත් මර නින්දේ පසු වූ මා අවදි වුයේ සුරා පැමිණ ඇදට පැමිණීමත් සමඟයි.අඩෝ නිව්ස් වල කිව්වා බං එහා ගමේ මහා පරිමාණයේ කසිප්පු තිප්පොළක් ගිනි අරන් කියලා යමුද බලන්න ,.........සුරා ටිකක් සද්දෙන් කිව්වේ ගෙදර අයටත් ඇහෙන්න ඇයි උඹලා ඒ ගින්නෙන් සුරුට්ටු පත්තු කරන්නද?  යන්න හදන්නේ අම්මගේ සද්දෙට සුරා කට වහගත්තේ තව මොකුත් කියලා වැඩක් නැති නිසා .දහවල් වන විට මෙහෙයුමට සහබාගි වුනු සැවොම වාඩියේ සතුටු සාමිචියේ යෙදමින් හිටියා .සවස් වෙත්දී ගුවන් විදුලියෙන් නව පුවතක් රට පුරා ප්‍රචාරය වන්නට උනා අපේ ගමේ ඇතුළු තවත් ගම පහක පමණ පිරිසක් දැඩි බඩේ අජීරණයක් නිසා රෝහල් ගත කොට ඇති බවත් සෞක්‍යය ඇමති තුමාගේ සහ ජනපති තුමාගේ අවදානය මේ කෙරෙහි යොමු වී ඇති බවත් කොළඹින් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළීබදව පරීක්ෂණ සිදු කරන බවත්ය .කසිප්පු නාථයට රෝහලින් එළියට එන්නටත් කලියෙන් අත්අඩංගුවට පත් වන්නට උනේ මහා පරිමාණ කසිප්පු තිප්පොළවල් හතරක් පවත්වාගෙන යාම ප්‍රවාහනය කිරීම ළඟ තබා ගැනීම යන වැරදි වලටයි .ඇමති කොපමණ උත්සහ දැරුවත් විරුද්ධ පක්ෂය ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන නෙළා ගන්නට සමත් උනා .ඇමති තුමාගේ පට්ටම අහිමි වීමත් සමග බිදී ගිය දේශපාලන බලයෙන් යට කොට තැබූ  මූල්‍යය දුෂණ ,පැහැරගැනීම් සියල්ල දිය යට ලූ රබර් බෝලයක් මෙන් ඉලිප්පී ඇමති හා ඇමති පුතු පසු පස හඹා එන්නට උනා .විරුද්ද පක්ෂය උවමනාවට වඩා මේ කෙරෙහි අවධානය යොමු කළ නිසාවෙන් සියළු දෙනා සිතුවේ මෙය විපක්ෂයේ ක්‍රියාවක් බවයි.කෙසේ නමුත් මෙය අපි අතර රහසක්ව පැවතුනා.පිරිස අතර මා කෙරහි  ගෞරවය තවත් වැඩි උනා .මාස කීපයක් යන තුරා අප සිතා සිටියේ අපේ කසිප්පු මෙහෙයුම කවුරුන්වත් නොදන්නා බවයි .නමුත් ඊයේ රෑ වාඩියට යන්නට ගෙයන් එළියට බසින විටම හිනාවකින් මුව සරසා ගත් අප්පච්චි මොකෝ අදත් මොකක් හරි ගිනි තියන්නද යන්න හදන්නේ ඇසු විට මා ගල් ගැසුනේ නළලට හීන් දහදිය දමමින් පිටට තට්ටුවක් දැමු අප්පච්චි ගෙට ගියේ ඉක්මනට ජොබ් එකක් හොයා ගන්නවා කියමින්.මේ සිඳු වීම සුරාට හැර අන් කිසිවෙකුට නොකියන්නට මා වග බලාගත්තා .දින කීපයකට පසු සුරාත් මමත් වාඩියට යන විට ඉබ්බත් දුලන්ජනයත් කදයක් දාගෙන.දුලාගේ අතේ පොඩි මල්ලක් .යකෝ නිසා තොට පිස්සුද මේ ජාපාල ටික විසි කලේ තොපි දන්නවද රට වටේ ඇවිදලා මේක හොයා ගත්තේ තට්ට අබයා නැත්තම් මේක හොයන්න මම තාම ඇවිදිනවා යකෝ තට්ටේ තිබුනට උට මාර මොලයක්නේ තියෙන්නේ හරක් වෙදා ගෙන්න කිව්වා කියලා ගන්න ප්ලෑන් එක දුන්නේ අබයා දුලාගේ හඩට මට සුරාගේ මුණ බැලුනා ඌ එක ජාමෙට දත්මිටි කනවා .අනේ තෝ වගේ ගොන් තඩියෙක් ඕක බැරල් වලට දාන්න නෙවෙයි තොට කන්න දෙන්න තිබ්බේ මම එපා කියන්නත් කලින් සුරා වචන ටික විත්දා,මට නිකන්ම ඉබ්බා දිහා බැලුනා උට අමුතුවෙන් යමක් පැහැදිළි කරන්න උවමනා උනේ නෑ දුවගෙන ආපු ඌ මාවයි සුරවයි බදාගත්තා .ටික වෙලාවක් අපි නිහඩව සිටියේ ඉබ්බාගේ හැඬුම් බර මුඩ් එක හරි යනකන් .පොදු ප්‍රශ්නේ ඉවරයි දැන් නිසාගේ ප්‍රශ්ණවලට මොකද උනේ ගොන් දුලා ඇහුවේ වීරයෙක් වගේ.තවමත් ලොකු ප්‍රගතියක් නෑ ඒ සුරා තවමත් මටයි සුරාටයි අප්පච්චිගේ ජිවිත කතාවේ හිඩැස පුරවා ගන්නට බැරි උනා මූ මොන ප්‍රගතියක් ගැන ද කියන්නේ ..
දින කිහිපයකට පසු සුරා අපේ ගෙදර අවේ මුණ බෙරි කරන් මචං ජොබක් තියෙනවා යමන්ද අහගෙන මොකෝ බන් හදිස්සියේ....  නෑ බං ඩිග්රි එක ඉවර කරලත් අවුරුදු දෙකක් විතර වෙනවනේ හැමදාම හේන් කුඹුරු කොටලා කොහමද ?අනික ගමේ ඉඳලත් දැන් ඇති වෙලා බං මට හ්ම් කියනවා හැරෙන්නට වෙනයමක් කියන්නට නොහැකි උනේ දින කීපයකට කලියෙන් අප්පච්චි ද රැකියාවකට යාමට කළ සිහි කැඳවීම මතක් වීමෙන්.
(අයිමත්  හමුවෙමු)

No comments:

Post a Comment