අතිශයින්ම කාන්තාවන්ට පමණයි....
නංගියේ ,අක්කේ ,දුවේ පුංචි වෙලාවක් අරන් අමාරුවෙන් හරි මේක ටිකක් කියවන්න.
මේ ලිපිය වෙනුවෙන් මට ලයික් වත් රිච් වත් එපා මම මේ ලිපිය ලියන්නේ අද දහවලේ මට සිද්ධ උන ඇත්තම සිදුවීමක් නිසා,මම මුලින්ම සිදුවීම කෙටියෙන් කියන්නම්කො.
මේ සිදුවීමට හේතු වන්නේ මගේ කුරුණෑගල යෙහෙළියක් ,මෙයා ඊයේ මට කථාකරලා මෙයත් එක්ක මොරටුවට යන්න එන්න පුලුවන්ද ඇහුවා මාත් ඉතින් කැමතත්තේන්ම ඉදිරිපත් උනා වෙන හේතුවක් නිසා නෙවේ හුඟ දවසකින් හමුවීමට ලැබෙන නිසාත් උදවුවක් ඉල්ලපු පළමු වතාව නිසාත් ..උදේ පාන්දරම මම මෙයාව කිරිබත්ගොඩින් වාහනේට දාගෙන ගමන පටන් ගත්තා ඇත්තටම බොහොම කෙළිලොල් තරුණියක් උන මෙයා කුමන හෝ ගැටලුවකින් ඉන්න බව මට හොදටම තේරුණා කිහිප වතාවක් ඒ ගැන ඇසුවත් හරි පිළිතුරක් මට ලැබුනේ නෑ ,අඩුම තරමේ යන තැන ගැන ඉගියක්වත් මට දුන්නේ නෑ,අන්තිමේදී මෙයා මාවත්අරගෙන දේවාලෙකට ගියා මට ටිකක් කෙන්තියකුත් අවා ඒත් මම මෙයාගේ මේ දේවාල ගමනට විරුද්ද වෙන නිසා මෙයා මේ ගමන ගැන මට මුලින්නම නොකීව බව මම හොදටම දන්නවා .දේවාලේ මෑණියන් කියන කෙනා ආරූඪ උනාට පස්සේ තමයි මෙයාගේ මේ ගමන ගැන පොඩි ඉගියක් ලැබුනේ .මෙයාට මෙයා බදින්න ඉන්න මස්සිනා ගැන දැනගන්න ඕනිලු ,මට ඉතින් පු...නුත් හිනා ඒත් වහගෙන හිටියා පවු ආදරේ නිසානේ ,,,,ටිකවෙලාවකින් මෑණියන් කියනවා ඒ මනුස්සයා දෙපැත්තට වැනෙනවලු ඕනි නම් අදම මෙයාගේ වචනෙට යටත් කරලා දෙන්නම් පුජාවට 12000 ක් ඕනි කියලා ,එතැනදී මම ඉස්සර උනා මොකද මෙවෙනකන්ම ගිය වියදම මගේන් මේකත් සෙට් උනොත් මම පවු නිසා ...කොහම හරි මම මෙයාව එතනින් ගලවාගෙන අවා ඇවිත් විස්තරේ හරියටම මොකක්ද කියල ඇහුවා.මෙයාගේ ගෙවල් දෙකේ කැමැත්ත නිසා මෙයා මස්සිනා එක්ක සබදතාවයක් පටන් අරන් මෙයත් බොක්කෙන්ම ආදරේ කරලා කොහොම හරි කොල්ලා මෙයාව සුවර් නෑ කියලා බලෙන්ම මෙයාව රූම් එකකට එක්කන් ගිහින් ඇතුලේ උන දේවලුත් මට කිව්වා එකී මගේ බොක්කක් නිසා උබලට ඒවා වැඩක් නෑ...කොහොම හරි මෙයාව දෙවෙනි පාරත් බලෙන්ම එක්කන් ගිහින් කතා කරාම නොගියාම බනිනවලු රණ්ඩු වෙනවලු දැන් ටික දවසක ඉදලා ඒ boy ගේ ෆෝන් එක රෑට එන්ගේජ් ලු ..මෙයාව මග අරිනවලු කථාව ආයේ අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ කොල්ල ඇන්නා පැන්නා ඩයල් එකක් වගේ .කෙල්ලට ඕනි කොහොම හරි මෙයාව ගෙන්න ගන්න කෙල්ල දැන් අසරණයි ගෙවල් වලට කියන්නත් බෑ.මම ඇහුවා මොකටද රූම් වලට ගියේ සැකයක් තියේ නම් මේඩ්කල් එකක් දුන්නනම් හරිනේ කියලා ,මෙයාගේ ඩුබායි ඉන්න යෙහෙළියක් තමයි මෙයාට යන්න කියලා තියෙන්නේ හොදම වැඩේ කියන්නේ දේවාලෙට එන්න උපදෙස් දීල තියෙන්නෙත් එයාමයි.......
මේ සිදුවීම මාව සෑහෙන්න කල්පනා කරන්නට සැලැසුවා.මොකද මේක ඇත්තටම ජිවිත කිහිපයක ගැටළුවක්.
ඇත්තටම අද අපේ සමාජය කොතරම් කුහක වෙලාද? ජරා වෙලාද? ඔක්කොටම වඩා මෝඩ වෙලාද?අද මිනිස්සු තිරිසන්නු වගේ ලිංගික කාමය හොයන්නේ ඇත්තටම ආදරේ මේකද ලිංගික එක්වීමකින් තොරව ආදරයක් ඇති වෙන්නෙම නැත්ද ?
මේ මාතෘකාව දැක්ක ගමන් මුලින්ම මේක කියවන්නේ පිරිමි අපි ,ඒක තමයි ඇත්ත.ඒ නිසා මම පිරිමියෙක් විදිහට මේ ටික අහන්න කැමතියි තමන්ගේ නංගිට වෙන කෙනෙක් ඔහොම කරා නම් උබලට අවුක් නැත්ද ?sex නැතුව ආදරේ කරන්න බැරිද?මේවට මුලින්ම දෙමවුපියන්ට බනින්න ඕනි ඊළගට ලංකාවේ මාධ්‍ය ආයතන වලට .අද තරුණ මානසිකත්වය තේරුම් අරන් හරි වැරැද්ද කියල දෙන්න දෙමවුපියන්ටත් මානසිකත්වය විකෘති කරණ වැඩසටහන් නොපෙන්නා ඉන්න මාධ්‍ය ආයතන වලටත් බෑ.
අද ළමයි මෙච්චර මෝඩ ඇයි .තමන්ගේ යාළුවගේ ජීවිතේ විනාස කරගන්න උපදෙස් දෙන්නේ ඇයි හරි වැරැද්ද තේරුම් ගන්න බැරි ඇයි මම ඔය ඉස්සෙල්ලා කථාව කිවේ උපාධි ධාරිනියක් ගැන .එතකොට අධ්‍යාපනය????
මේ වගේ සිදු වීම අන්තිමට කෙළවර වෙන්නේ දුඛ්කිත කතාවකින් .
තවත් මනුස්සයෙක්ගේ ජිවිතයක්විනාස කරනවා කියන්නේ මොන පවු කාර කමක්ද ?
මම නම් ආදරය දකින්නේ ඉතාම සුන්දර දෙයක් විදිහට හොද පාට්නර් ලා දෙන්නේක්ට ජිවිතේ හුගක් දුර යන්න පුළුවන් සෙක්ස් කියන්නේ අමතර දෙයක්.මුණවත් නොදක ආදරේ කරපු බැදපු කථා ඉස්සර අපි ඇහුවා ඒත් අද?
ජීවිතේදී අපි උපදෙස් ගන්න ඕනි අය ගැන අපි හොදට හිතන්න ඕනි කළණමිතුරන් උනත් ඒ පුද්ගලයාගේ සමාජීය දැනුම බහුශ්‍රුත භාවය පිලිබඳ විමසිලිමත් වීම ඉතාම වැදගත්..
ඇත්තටම හරි ආදරයක් තෝරාගන්නේ කොහොමද ?
මේක ටිකක් අමාරු වැඩක් මොකද හුගක් අය කරන්නේ රගපාන එක ,තමන් ලගින් හුගක් කාලයක් ඉදන් දන්න කෙනෙක් තොරගන්නවනම් හුගක් හොදයි මොකද එයා ගැන ටිකක් හරි දන්න නිසා .
කොහොමත් විවාහයට කලින් රූම් වලට එක්කන් යන්නේ ආදරේ නිසා නෙවේ ඒ උ බඩුකාරයෙක් නැත්තම් ගණිකාවක් නිසා ඒ වගේ ඉල්ලීම් කරන අයගෙන් ඈත් වෙන එක හොදයි නැත්තම් එයට ඒ දේ තේරුම් කරලා දෙන්න වෙනවට නෙවේ රූම් එකට ගිහින් එත්දී කොල්ල හැප්පිලා මළා කොච්චර උනත් කෙල්ල අසරණ වෙනවා නේද ?කෙල්ලට සමාජයේ ලැබෙන තැන ,සුළු වරදකින් පසු විවාහය කොතරම් සාර්ථකද?
අත්විදලා නැති උනත් මම දන්නවා ආදරය කියන්නේ සුන්දර දෙයක් ඒත් ඒ නිවැරදි වෙලාවේදී නිවැරදි කෙනාව තොරගන්නවනම් විතරයි .ජීවිත කාලයේම ලග තියෙන දෙයක් නිසා ප්‍රයෝගිකව නිවැරදි ආදරයක් හොයාගන්න තරම් අපි සැලකිළිමත් වෙන්න ඕනි නැත්තම් තනිකම හොදයි මචංලා.....
No comments:
Post a Comment