ලාංකීය කාන්තා උරුමය....
හා හා පුරා කියලා වැඩේ පටන්
ගත්ත ගමන් මොකක්ද ලියන්නේ කියලා මම හිත හිත උන්නේ මොකද මේක මට අලුත් වැඩක්
නිසා ඔය අතරේ තමයි මට මේ මාතෘකාව ඔලුවට අවේ මොකද අද ලේසියෙන්ම විකුනන්න
පුළුවන් දේවල් ටිකක් තමයි කාන්තාව සහ අපේ ලාංකීය උරුමය මේ ලිපිය විකුණන්
කෑවත් මගේ නම් අදහසක් නෑ ඔය දෙක විකුණන්න ,මුලින්ම කියන්න ඕනි ලිපිය ටිකක්
දිග වෙයි බෝරින්ග් වෙයි පුළුවන් නම් දිගටම කියවල මට බනින්න මොකද සිංහල අපිට
හොදටම කරන්න පුළුවන් වැඩේ කියල මම හිතන්නේ වැරදි හොයන එකයි බනින එකයි
.හරි එහමනම් හැමෝටම යහපතක් වේවා කියලා මගේ අදහස් ටික එලියට දාන්නම්කො..
මගේ
මේ ආතක් පාතක් නැතිව ලෝකේ පුරා දුවන පුංචි හිතට මෙහෙම ප්රශ්නයක් අවා ඇයි
ගෑනුන්ටම නීති කරදර වැඩි ප්රශ්න වැඩි ?ඒ විතරක් නෙවෙයි ගැටළුවක් උනාම ඇයි
ගැහැණුන්ගේ පැත්ත පිලිබදව වැඩිපුර හිතන්නේ?,ගෑනු ළමයි සමාන අයිතිවාසිකම්
ඉල්ලනවා ඒ උනත් බස් එකේ ෆූට්බෝර්ඩ් එකේ යන්න කැමති නෑ ඒ ඇයි?.නීතිමය
ගැටළුවකදී උනත් එයාලට වාසි වැඩියි ඒ මොකෝ ? ,,හෝව් හෝව් පුරුෂ හිංසනය ගැන නෙවේ නොවැ ලිපිය කොහෙද හිතට බ්රේක් නෑ නොවැ ආයිත් යමුකෝ මාතෘකාවට කෙටියෙන්ම මෙහෙම අහමුකෝ ලංකාව වගේ අම්මට දෙවියන්ට වගේ සලකන රටක ගැහැණිය කියන මාතෘකාව ඇයි මෙච්චර හෑල්ලු උනේ? ,,දෙවියොම තමයි දන්නේ ..අපිබොහෝ වෙලාවට අම්මා බුදු වේවා කියනවා ඒ උනත් කවදාවත් කියනවද අල්ලපු ගෙදර ඇන්ටි බුදු වේවා කියලා? (කියන උනුත් ඇති පහත් අරමුණු වලට මම මේ කියන්නේ හදවතින්ම කොටින්ම අර අම්මා බුදු වේවා කියන ෆීලින්ග් එකෙන්ම)ඇයි ඒ? බොහෝ විට ඒ ගෙදරත් ඉන්නේ අම්මා කෙනෙක් නේ .
පොඩ්ඩක් හිතන්න මමය මගේය කියන ලෝකේ මගේ ගෙදර දිහා එක ඇහැකිනුත් අනෙක් ගෙවල් දිහා පාට කන්නාඩි වලිනුත් බලන නිසා නේද ?හුගක් ගැටළු, තමන්ගේ නංගි නංගි වෙන්නටත් අල්ලපු ගෙදර නංගි සුපිරි කඳ,මාරු බඩ්ඩ වෙන්නටත් හේතුව මොකක්ද ?
ඇත්තටම අද ලංකාව ඒ තැනට පත් වෙලා ඉවරයි අද ලංකාව තුළ ගැහැණිය කියන වචනය තුළ ඇති ගෞරවය නැති වෙලා ඉවරයි ඇත්තටම මේවට කවුද වැරදි?, වැරදි මේ ලිපිය කියවන ඔබ ලියන මම සහ අපි හැමෝම ..හුටා අපි කොහමද මේ කෙහෙල්මල් වලට වැරදි වෙන්නේ ?
ලෝකය දියුණු වනවා සංස්කෘතිය අලුත් වෙනවා බොහොම ලේසියෙන් වෙනත් රටවල් සමග සම්බන්දතා ගොඩනන්වාගන්නවා ඒත් මේවා පාලනයකින් සිදුවෙනවද ?කාසි වලින් ලාභ පාඩු හොයන රටේ මේවා ගැන හිතන්නේ මොටද ?අතීතයේදී අපි ගැහැණියට නිසි තැන ලබා දුන්නා පවුලක හරය උනේ අම්මා ඒත් අද ?අද අම්මා ඉන්දියානු පවුලක හරය වෙලා දුක්විදින මනොකල්පිත ඉන්දියානු ගැහැණියකගේ කොරියානු ගැහැණියකගේ හෙවනැල්ලක් වෙලා
,ඒ ටෙලිය තුළ ගැහැණිය හොයන ආදරය මනෝ කල්පිතව ලාංකීය සමාජය තුලින් හොයනවා අපේ මිනිහ මෙලෝ රහක් නෑ දරුවෝ මට සලකන්නේ නෑ එකට අරකෙ අරයා ...දෙන්ඩ හිතෙනවා කන පැලෙන්න ,ඇයි බං කාගෙවත් කුණුගොඩවල් අපේ හිත ඇතුලට ගන්නේ ගෙදර මිනිහා වැඩ ඇරිලා අවම උට වෙන්නේ අර මගුල් බලන්න,තමන්ගේ නව යොවුන් වියේ ඉන්න දුව බලන්නේ අර පවුල් ප්රශ්න පොඩ්ඩක් ඔය මගුල් ටීවී එක නිවලා හැමෝම කතා කර කර එකට බත් කටක් කෑවනම් මොකද වෙන්නේ .අද රූපවහිනිය තුළ කාන්තාවන්ගේ නිරුවත විකුණා කන්නැති වෙළද දැන්වීම් කීයද තියෙන්නේ .කොටින්ම පිරිමි යට ඇදුමක් විකුනන්නෙත් ගැනියකගේ අඩ නිරුවත පෙන්නලා
.ඉතින් අපේ අනාගත පරපුර කාමුක වහල්ලු වෙන එක, තමන්ගේ ගේ ඇතුලින්ම දුෂණ කතා ඇහෙන එක නොවී තියේවිද?තමන්ගේ දරුවන් පමණක් දරුවන් වන මේ සමාජයේ අනෙක් අයගේ ඇස වලට තමන්ගේ දුව පුතා දරුවෙක් විදිහට පෙනේවිද ?ඉස්සර ගෙදර හොද මගට ගත්තේ දරුවන්ට විළි වැහෙන්න ඇදුම් අදින්න කියල දුන්නේ තැනකදී ඉදගන්න නැගිටින්න කියල දුන්නේ හොද නරක කියල දුන්නේ අයුතු යෝජනා තේරුම් බේරුම් කරලා දුන්නේ අම්මා
.ඒත් අද අම්මා කියන චරිතේ විනාස වෙලා මම දකින විදිහට ගෙදරක අම්මා කියන චරිතය පුජනීය උනොත් ගෙදර සමාජය ලස්සන වෙනවා .ගැහැණිය කියන්නේ ලිංගිකත්වය ඉදිරිපත් කරන සංකේතයක් වෙලා ,මේවට පිරිමි අපිත් වැරදයි තමන්ගේ දුව බිරිද මව නිරුවත පෙන්න අදිද්දී ආ මේක මොඩන් ලෝකේ කියලා අනාගතේ විනාස නොකර කියල දුන්න නම් ,මේ ගැටළු අඩු වේවි.තමුන් ඒ දෙයට විරුද්ද නොවෙන්නේ තමනුත් පහත් මනසකින් තමන්ගේ දරුවාගේ මවගේ ලිංගිකත්වය රස විදින නිසාද දන්නේ නෑ.ඉතින් අර කලින් කිව්වා වගේ මේවට වැරදි ඔයා මම නෙමේද?කියනවනම් තව දේවල් ගොඩයි ඒත් ඒවා පස්සේ කියන්නම් හොදේ දැනට සමුගන්නවා...
Thursday, November 10, 2016
ආයුබෝවන්
ආයුබෝවන් යාලුවනේ ...
ආතක් පාතක් නැතිව අන්තර්ජාලයේ කරක් ගහන වෙලාවක තමයි මට මේ බ්ලොග් පිටුව හම්බුනේ, ඇත්තටම මුලික අරමුණක් නැතිව පෙර සූදානමක් නොමැතිව පටන් ගත්ත වැඩක් මේක.ඒ කොහම උනත් මේ වැඩේ සාර්ථක උනත් නැතත් පාඨකයන්ට විස පතුරවන්න මනස විකෘති කරවන්න මේ වැඩෙන් මම කැමති නෑ.දැනුම බෙදා ගන්න සංවාද කරන්න මම කැමතියි .නමුත් අද අන්තර්ජාලය තුළ එවැනි ඉඩක් හෝ දැනුමක් ඇති පිරිස අඩුයි .තරහව කාමය පුරවගත්ත ප්රේක්ෂකයන් පාඨකයන් අතරින් සංවාදයක් බලපොරුත්තුවීම මිත්යාවක් .කොටින්ම කිව්වොත් හුගක් අය බලන් ඉන්නේ කව්රු හරි කෙල්ලෙක්ගෙ තනයක් කකුලක් එලියට එන පොස්ටුවක් එනකම් නැතිනම් කාට හරි අපහාසයක් වෙනකම් එහෙම දේවල් ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටීමට මම උපරිම උත්සහ දරනවා.කොහොම උනත් මගේ භාෂාව ඉදිරිපත් කිරිඉම් වල අඩුපාඩු ඇති මොකද මම පළපුරුදු ලියන්නෙක් නොවන නිසා ඒ පිලිබදව මම සමාව ඉල්ලනවා .මුල්ම පොස්ටුවෙන් වැඩි දෙයක් ලියන්න මට හිතෙන්නේ නෑ පෙර සූදානමක් නැති නිසා .කෙසේ උනත් පිටුව ගැන අදහසක් ගන්න මේ ටික ඔයාලට ඇති වේවි කියල හිතනවා ..ඔයාලට බුදුසරණයි................
තුෂාන්

Subscribe to:
Posts (Atom)