Sunday, February 3, 2019

වවමු අපි ...

අනේ මංදා දැන් ඉන්න පොඩි උන් මේ ලෝකෙ වැඩක් නෑ ,රට වටේ රවුම් ගහන්න පුලුවන් ඇඟපත වෙහෙසලා වැඩක් කරන්න බෑ .අඩුම වලක් කපලා පැලයක් හිටවන්න පුලුවන්ද මුන්ට
                                             අන්න ඒකට අපි පට්ට ගේමක් දීලා ඇට ටික හොයා ගත්තේ ඒකත් බෝම ටිකයි හම්බෙන්නෙ කෝම කොම හරි බැද්දට වැදිලා පොඩි පැල් කොටයක් තනල ටිකෙන් ටික කැලේ එලි කොරලා හේන් කෙටුවේ ,හෙනක් බැරි උනොත් ගෙදර වත්තෙ බැද්දට වෙන්න පැලයක් දෙකක් හිටෙවුවේ ,හප්පේ හිටවන එකත් නෙවේ වැඩේ සතා සීපාවගෙන් රකින එකනේ වැඩේ .කූබින්ගෙන් ගොළුබෙල්ලන් ගෙන් පැල රකින්න අළු දාලා වෙලාවට වතුර ටික දාලා පොහොර ටික දාලා උදේ හවස අතගාල දරුවෙක් වගේ පැල ටික හැදුවේ .පැල ලොකුවෙද්දි පොඩි එකාලගෙන් කොල කන සත්තුන් ගෙන් බේරගන්න ලොකු වදයක් විදින්න ඕනා .මේකත් හරියට කෙමක් වගේ රහසේ කරන තරමට තමා පැලේට ගුන ,ඔව්වා දැන් ඉන්න උන් දන්නවා යැ .
                          හේන් කෙරුවාව අමාරුයි තමයි හැබැයි දුක් ව්න්දට පාඩු නෑ වෙලාවට විකුනා ගත්තොත් ,ඒක තමා අමාරුම දනිි පනිි ගාලා වෙළෙන්දෙක් හොයා ගත්තත් පොලිසියෙන් බේරාගෙන විකුනා ගන්න එකනේ ගේම දැන් ඉන්න උන් දන්න ලබ්බ.කොහෙන්ද එන වහ බීලා නිකාන් ඇඟපත විනාස කොරගෙන මැරිලා යනවා ,😤😂 දැන් දැන් කංසා රස්සාව කරන්නත් බෑ පොලිසියෙ මහත්තුරු නිසා ,ඕන් ඊයේ පෙරේදත් පනසලේ වැඩසටහනකට කොළුවෙක් ඇවිත් ගමේ උන්දැල දැනුවත් කරලා ,ඒකෙන් පස්සේ මොකෙක් හරි ඔත්තුව දීලා තමා හේනේ ඉදලා මාවත් කුදලගෙන ආවේ ,අපි වැව්වම තමා වැරදි,.මොනවා උනත් අර දැනුවත් ක්රීම් නිසා දැන් පොඩි ඈයෝ නොමග යනවත් අඩුයි ,ගිය එකාලත් හැදෙන්න දඟලනවාලුනේ ,අනේ වාසනා වන්
       

Wednesday, December 28, 2016

අතිශයින්ම කාන්තාවන්ට

අතිශයින්ම කාන්තාවන්ට පමණයි....

නංගියේ ,අක්කේ ,දුවේ පුංචි වෙලාවක් අරන් අමාරුවෙන් හරි මේක ටිකක් කියවන්න.



මේ ලිපිය වෙනුවෙන් මට ලයික් වත් රිච් වත් එපා මම මේ ලිපිය ලියන්නේ අද දහවලේ මට සිද්ධ උන ඇත්තම සිදුවීමක් නිසා,මම මුලින්ම සිදුවීම කෙටියෙන් කියන්නම්කො.

මේ සිදුවීමට හේතු වන්නේ මගේ  කුරුණෑගල යෙහෙළියක් ,මෙයා ඊයේ මට කථාකරලා මෙයත් එක්ක මොරටුවට යන්න එන්න පුලුවන්ද ඇහුවා මාත් ඉතින්  කැමතත්තේන්ම ඉදිරිපත් උනා වෙන හේතුවක් නිසා නෙවේ හුඟ දවසකින්  හමුවීමට ලැබෙන නිසාත්  උදවුවක් ඉල්ලපු පළමු වතාව නිසාත් ..උදේ පාන්දරම මම මෙයාව කිරිබත්ගොඩින් වාහනේට දාගෙන ගමන පටන් ගත්තා ඇත්තටම බොහොම කෙළිලොල් තරුණියක් උන මෙයා කුමන හෝ ගැටලුවකින් ඉන්න බව මට හොදටම තේරුණා කිහිප වතාවක් ඒ ගැන ඇසුවත්  හරි පිළිතුරක් මට ලැබුනේ නෑ ,අඩුම තරමේ යන තැන ගැන ඉගියක්වත්  මට දුන්නේ නෑ,අන්තිමේදී මෙයා මාවත්අරගෙන දේවාලෙකට ගියා මට ටිකක් කෙන්තියකුත් අවා ඒත් මම මෙයාගේ මේ දේවාල ගමනට විරුද්ද වෙන නිසා මෙයා මේ ගමන ගැන මට මුලින්නම නොකීව බව මම හොදටම දන්නවා .දේවාලේ  මෑණියන්  කියන කෙනා ආරූඪ උනාට පස්සේ තමයි මෙයාගේ මේ ගමන ගැන පොඩි ඉගියක් ලැබුනේ .මෙයාට මෙයා බදින්න ඉන්න මස්සිනා ගැන දැනගන්න ඕනිලු ,මට ඉතින්  පු...නුත් හිනා ඒත් වහගෙන හිටියා පවු ආදරේ නිසානේ ,,,,ටිකවෙලාවකින් මෑණියන් කියනවා ඒ මනුස්සයා දෙපැත්තට වැනෙනවලු ඕනි නම් අදම මෙයාගේ වචනෙට යටත් කරලා දෙන්නම් පුජාවට 12000 ක් ඕනි කියලා ,එතැනදී මම ඉස්සර උනා මොකද මෙවෙනකන්ම ගිය වියදම මගේන්  මේකත් සෙට් උනොත් මම පවු නිසා ...කොහම හරි මම මෙයාව එතනින් ගලවාගෙන අවා ඇවිත් විස්තරේ  හරියටම මොකක්ද කියල ඇහුවා.
මෙයාගේ ගෙවල් දෙකේ කැමැත්ත නිසා මෙයා මස්සිනා එක්ක සබදතාවයක්  පටන් අරන්  මෙයත් බොක්කෙන්ම ආදරේ කරලා කොහොම හරි කොල්ලා මෙයාව සුවර් නෑ කියලා බලෙන්ම මෙයාව රූම් එකකට එක්කන් ගිහින්  ඇතුලේ උන දේවලුත් මට කිව්වා එකී මගේ බොක්කක් නිසා  උබලට ඒවා වැඩක් නෑ...කොහොම හරි මෙයාව දෙවෙනි පාරත් බලෙන්ම එක්කන් ගිහින්  කතා කරාම නොගියාම බනිනවලු රණ්ඩු වෙනවලු දැන් ටික දවසක ඉදලා ඒ  boy ගේ  ෆෝන්  එක රෑට  එන්ගේජ් ලු ..මෙයාව මග අරිනවලු  කථාව ආයේ  අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ  කොල්ල ඇන්නා පැන්නා ඩයල් එකක් වගේ .කෙල්ලට ඕනි කොහොම හරි මෙයාව ගෙන්න ගන්න කෙල්ල දැන් අසරණයි ගෙවල් වලට කියන්නත් බෑ.මම ඇහුවා මොකටද රූම් වලට ගියේ සැකයක් තියේ නම් මේඩ්කල්  එකක් දුන්නනම් හරිනේ කියලා ,මෙයාගේ  ඩුබායි ඉන්න යෙහෙළියක් තමයි මෙයාට යන්න කියලා තියෙන්නේ  හොදම වැඩේ කියන්නේ  දේවාලෙට එන්න උපදෙස් දීල තියෙන්නෙත් එයාමයි.......

මේ සිදුවීම මාව සෑහෙන්න කල්පනා කරන්නට සැලැසුවා.මොකද මේක ඇත්තටම ජිවිත කිහිපයක ගැටළුවක්.
ඇත්තටම අද අපේ සමාජය කොතරම් කුහක වෙලාද? ජරා වෙලාද? ඔක්කොටම වඩා මෝඩ වෙලාද?අද මිනිස්සු තිරිසන්නු වගේ ලිංගික කාමය හොයන්නේ ඇත්තටම ආදරේ මේකද ලිංගික එක්වීමකින් තොරව ආදරයක් ඇති වෙන්නෙම නැත්ද ?


මේ මාතෘකාව දැක්ක ගමන් මුලින්ම මේක කියවන්නේ පිරිමි අපි ,ඒක තමයි ඇත්ත.ඒ නිසා මම පිරිමියෙක් විදිහට මේ ටික අහන්න කැමතියි තමන්ගේ නංගිට වෙන කෙනෙක් ඔහොම කරා නම් උබලට අවුක් නැත්ද ?sex නැතුව ආදරේ කරන්න බැරිද?මේවට මුලින්ම දෙමවුපියන්ට බනින්න ඕනි ඊළගට ලංකාවේ මාධ්‍ය ආයතන වලට .අද තරුණ මානසිකත්වය තේරුම් අරන් හරි වැරැද්ද කියල දෙන්න දෙමවුපියන්ටත්  මානසිකත්වය විකෘති කරණ වැඩසටහන් නොපෙන්නා ඉන්න මාධ්‍ය ආයතන වලටත් බෑ.

අද ළමයි මෙච්චර මෝඩ ඇයි .තමන්ගේ යාළුවගේ ජීවිතේ විනාස කරගන්න උපදෙස් දෙන්නේ ඇයි හරි වැරැද්ද තේරුම් ගන්න බැරි ඇයි මම ඔය ඉස්සෙල්ලා කථාව කිවේ උපාධි ධාරිනියක් ගැන .එතකොට අධ්‍යාපනය????

මේ වගේ සිදු
වීම අන්තිමට කෙළවර වෙන්නේ දුඛ්කිත කතාවකින් .





තවත් මනුස්සයෙක්ගේ  ජිවිතයක්විනාස කරනවා කියන්නේ මොන පවු කාර කමක්ද ?

මම නම් ආදරය දකින්නේ ඉතාම සුන්දර දෙයක් විදිහට  හොද පාට්නර් ලා දෙන්නේක්ට ජිවිතේ හුගක් දුර යන්න පුළුවන් සෙක්ස්  කියන්නේ අමතර දෙයක්.මුණවත් නොදක ආදරේ කරපු බැදපු කථා ඉස්සර අපි ඇහුවා ඒත් අද?

 ජීවිතේදී අපි උපදෙස් ගන්න ඕනි අය ගැන අපි හොදට හිතන්න ඕනි කළණමිතුරන්  උනත්  ඒ පුද්ගලයාගේ සමාජීය දැනුම බහුශ්‍රුත භාවය පිලිබඳ විමසිලිමත් වීම ඉතාම වැදගත්..

ඇත්තටම හරි ආදරයක් තෝරාගන්නේ කොහොමද ?

මේක ටිකක් අමාරු වැඩක් මොකද හුගක් අය කරන්නේ රගපාන එක ,තමන් ලගින් හුගක් කාලයක් ඉදන් දන්න කෙනෙක් තොරගන්නවනම් හුගක් හොදයි මොකද එයා ගැන ටිකක් හරි දන්න නිසා .
 
කොහොමත් විවාහයට කලින් රූම් වලට එක්කන් යන්නේ ආදරේ නිසා නෙවේ ඒ  උ බඩුකාරයෙක්  නැත්තම් ගණිකාවක්  නිසා ඒ වගේ ඉල්ලීම් කරන අයගෙන් ඈත් වෙන එක හොදයි නැත්තම් එයට ඒ දේ තේරුම් කරලා දෙන්න වෙනවට නෙවේ රූම් එකට ගිහින් එත්දී කොල්ල හැප්පිලා මළා කොච්චර උනත් කෙල්ල අසරණ වෙනවා නේද ?කෙල්ලට සමාජයේ ලැබෙන තැන ,සුළු වරදකින් පසු විවාහය කොතරම් සාර්ථකද?
අත්විදලා නැති උනත් මම දන්නවා ආදරය කියන්නේ සුන්දර දෙයක්  ඒත් ඒ නිවැරදි වෙලාවේදී නිවැරදි කෙනාව තොරගන්නවනම් විතරයි .ජීවිත කාලයේම ලග තියෙන දෙයක් නිසා ප්‍රයෝගිකව නිවැරදි ආදරයක්  හොයාගන්න තරම් අපි සැලකිළිමත් වෙන්න ඕනි නැත්තම් තනිකම හොදයි මචංලා.....


Thursday, November 10, 2016

ලාංකීය කාන්තා උරුමය....

ලාංකීය කාන්තා උරුමය....

හා හා පුරා කියලා වැඩේ පටන් ගත්ත ගමන් මොකක්ද ලියන්නේ කියලා මම හිත හිත උන්නේ මොකද මේක මට අලුත් වැඩක් නිසා ඔය අතරේ තමයි මට මේ මාතෘකාව ඔලුවට අවේ මොකද අද ලේසියෙන්ම විකුනන්න පුළුවන් දේවල් ටිකක් තමයි කාන්තාව සහ අපේ ලාංකීය උරුමය මේ ලිපිය විකුණන් කෑවත් මගේ නම් අදහසක් නෑ ඔය දෙක විකුණන්න ,මුලින්ම කියන්න ඕනි ලිපිය ටිකක් දිග වෙයි බෝරින්ග් වෙයි පුළුවන් නම් දිගටම කියවල මට බනින්න මොකද සිංහල අපිට හොදටම කරන්න පුළුවන් වැඩේ කියල මම හිතන්නේ  වැරදි හොයන එකයි බනින එකයි .හරි එහමනම් හැමෝටම යහපතක් වේවා කියලා මගේ අදහස් ටික එලියට දාන්නම්කො..


මගේ මේ ආතක් පාතක් නැතිව ලෝකේ පුරා දුවන පුංචි හිතට මෙහෙම ප්‍රශ්නයක් අවා ඇයි ගෑනුන්ටම නීති කරදර වැඩි ප්‍රශ්න වැඩි ?ඒ විතරක් නෙවෙයි ගැටළුවක් උනාම ඇයි ගැහැණුන්ගේ පැත්ත පිලිබදව වැඩිපුර හිතන්නේ?,ගෑනු ළමයි සමාන අයිතිවාසිකම් ඉල්ලනවා ඒ උනත් බස් එකේ ෆූට්බෝර්ඩ් එකේ යන්න කැමති නෑ ඒ ඇයි?.නීතිමය ගැටළුවකදී උනත් එයාලට වාසි වැඩියි ඒ මොකෝ ? ,,හෝව් හෝව් පුරුෂ හිංසනය ගැන නෙවේ නොවැ ලිපිය කොහෙද හිතට බ්‍රේක් නෑ නොවැ ආයිත් යමුකෝ මාතෘකාවට කෙටියෙන්ම මෙහෙම අහමුකෝ ලංකාව වගේ අම්මට දෙවියන්ට වගේ සලකන රටක ගැහැණිය කියන මාතෘකාව ඇයි මෙච්චර හෑල්ලු උනේ? ,,දෙවියොම තමයි දන්නේ ..අපිබොහෝ වෙලාවට අම්මා බුදු වේවා කියනවා ඒ උනත් කවදාවත් කියනවද අල්ලපු ගෙදර ඇන්ටි බුදු වේවා කියලා? (කියන උනුත් ඇති පහත් අරමුණු වලට මම මේ කියන්නේ හදවතින්ම කොටින්ම අර අම්මා බුදු වේවා කියන ෆීලින්ග් එකෙන්ම)ඇයි ඒ?  බොහෝ විට ඒ ගෙදරත් ඉන්නේ අම්මා කෙනෙක් නේ .

පොඩ්ඩක් හිතන්න මමය මගේය කියන ලෝකේ මගේ ගෙදර දිහා එක ඇහැකිනුත් අනෙක් ගෙවල් දිහා පාට කන්නාඩි වලිනුත් බලන නිසා නේද ?හුගක් ගැටළු, තමන්ගේ නංගි නංගි වෙන්නටත් අල්ලපු ගෙදර නංගි සුපිරි කඳ,මාරු බඩ්ඩ වෙන්නටත් හේතුව මොකක්ද ? 

ඇත්තටම අද ලංකාව ඒ තැනට පත් වෙලා ඉවරයි අද ලංකාව තුළ ගැහැණිය කියන වචනය තුළ ඇති ගෞරවය නැති වෙලා ඉවරයි ඇත්තටම මේවට කවුද වැරදි?, වැරදි මේ ලිපිය කියවන ඔබ ලියන මම සහ අපි හැමෝම ..හුටා අපි කොහමද මේ කෙහෙල්මල් වලට වැරදි වෙන්නේ ?
ලෝකය දියුණු වනවා සංස්කෘතිය අලුත් වෙනවා බොහොම ලේසියෙන් වෙනත් රටවල් සමග සම්බන්දතා ගොඩනන්වාගන්නවා ඒත් මේවා පාලනයකින් සිදුවෙනවද ?කාසි වලින් ලාභ පාඩු හොයන රටේ මේවා ගැන හිතන්නේ මොටද ?අතීතයේදී අපි ගැහැණියට නිසි තැන ලබා දුන්නා පවුලක හරය උනේ අම්මා ඒත් අද ?අද අම්මා ඉන්දියානු පවුලක හරය වෙලා දුක්විදින මනොකල්පිත ඉන්දියානු ගැහැණියකගේ කොරියානු ගැහැණියකගේ හෙවනැල්ලක් වෙලා
,ඒ ටෙලිය තුළ ගැහැණිය හොයන ආදරය මනෝ කල්පිතව ලාංකීය සමාජය තුලින් හොයනවා අපේ මිනිහ මෙලෝ රහක් නෑ දරුවෝ මට සලකන්නේ නෑ එකට අරකෙ අරයා ...දෙන්ඩ හිතෙනවා කන පැලෙන්න ,ඇයි බං කාගෙවත් කුණුගොඩවල් අපේ හිත ඇතුලට ගන්නේ ගෙදර මිනිහා වැඩ ඇරිලා අවම උට වෙන්නේ අර මගුල් බලන්න,තමන්ගේ නව යොවුන් වියේ ඉන්න දුව බලන්නේ අර පවුල් ප්‍රශ්න  පොඩ්ඩක් ඔය මගුල් ටීවී එක නිවලා හැමෝම කතා කර කර එකට බත් කටක් කෑවනම් මොකද වෙන්නේ .අද රූපවහිනිය තුළ කාන්තාවන්ගේ නිරුවත විකුණා කන්නැති වෙළද දැන්වීම් කීයද තියෙන්නේ .කොටින්ම පිරිමි යට ඇදුමක් විකුනන්නෙත් ගැනියකගේ අඩ නිරුවත පෙන්නලා
.ඉතින් අපේ අනාගත පරපුර කාමුක වහල්ලු වෙන එක, තමන්ගේ ගේ ඇතුලින්ම දුෂණ කතා ඇහෙන එක නොවී තියේවිද?තමන්ගේ දරුවන් පමණක් දරුවන් වන මේ සමාජයේ අනෙක් අයගේ ඇස වලට තමන්ගේ දුව පුතා දරුවෙක් විදිහට පෙනේවිද ?ඉස්සර ගෙදර හොද මගට ගත්තේ දරුවන්ට විළි වැහෙන්න ඇදුම් අදින්න කියල දුන්නේ තැනකදී ඉදගන්න නැගිටින්න කියල දුන්නේ හොද නරක කියල දුන්නේ අයුතු යෝජනා තේරුම් බේරුම් කරලා දුන්නේ අම්මා
.ඒත් අද අම්මා කියන චරිතේ විනාස වෙලා මම දකින විදිහට ගෙදරක අම්මා කියන චරිතය පුජනීය උනොත් ගෙදර සමාජය ලස්සන වෙනවා .ගැහැණිය කියන්නේ ලිංගිකත්වය ඉදිරිපත් කරන සංකේතයක් වෙලා ,මේවට පිරිමි අපිත් වැරදයි තමන්ගේ දුව බිරිද මව නිරුවත පෙන්න අදිද්දී ආ මේක මොඩන් ලෝකේ කියලා අනාගතේ විනාස නොකර කියල දුන්න නම් ,මේ ගැටළු අඩු වේවි.තමුන් ඒ දෙයට විරුද්ද නොවෙන්නේ තමනුත් පහත් මනසකින් තමන්ගේ දරුවාගේ මවගේ ලිංගිකත්වය රස විදින නිසාද දන්නේ නෑ.ඉතින් අර කලින් කිව්වා වගේ මේවට වැරදි ඔයා මම නෙමේද?කියනවනම් තව දේවල් ගොඩයි ඒත් ඒවා පස්සේ කියන්නම් හොදේ දැනට සමුගන්නවා...

ආයුබෝවන්

ආයුබෝවන් යාලුවනේ ...

ආතක් පාතක් නැතිව අන්තර්ජාලයේ කරක් ගහන වෙලාවක තමයි මට මේ  බ්ලොග් පිටුව හම්බුනේ,  ඇත්තටම මුලික අරමුණක් නැතිව පෙර සූදානමක් නොමැතිව පටන් ගත්ත වැඩක් මේක.ඒ කොහම උනත් මේ වැඩේ සාර්ථක උනත් නැතත් පාඨකයන්ට විස පතුරවන්න මනස විකෘති කරවන්න මේ වැඩෙන් මම කැමති නෑ.දැනුම බෙදා ගන්න සංවාද කරන්න මම කැමතියි .නමුත් අද අන්තර්ජාලය තුළ එවැනි ඉඩක් හෝ දැනුමක් ඇති පිරිස අඩුයි .තරහව කාමය පුරවගත්ත ප්‍රේක්ෂකයන් පාඨකයන් අතරින් සංවාදයක් බලපොරුත්තුවීම මිත්‍යාවක් .කොටින්ම කිව්වොත් හුගක් අය බලන් ඉන්නේ කව්රු හරි කෙල්ලෙක්ගෙ තනයක් කකුලක් එලියට එන පොස්ටුවක් එනකම් නැතිනම් කාට හරි අපහාසයක් වෙනකම් එහෙම දේවල් ඉදිරිපත් කිරීමෙන්  වැලකී සිටීමට මම උපරිම උත්සහ දරනවා.කොහොම උනත් මගේ භාෂාව ඉදිරිපත් කිරිඉම් වල අඩුපාඩු ඇති මොකද මම පළපුරුදු ලියන්නෙක් නොවන නිසා ඒ පිලිබදව මම සමාව ඉල්ලනවා .මුල්ම පොස්ටුවෙන් වැඩි දෙයක් ලියන්න මට හිතෙන්නේ නෑ පෙර සූදානමක් නැති නිසා .කෙසේ උනත් පිටුව ගැන අදහසක් ගන්න මේ ටික ඔයාලට ඇති වේවි කියල හිතනවා ..ඔයාලට බුදුසරණයි................



තුෂාන්